Wednesday, December 5, 2018

Ouroboros - පී කේ ආර් මාතලං

පුවක්පිටිය කේවට්ටයාලාගේ රැඩිකල් මාතලං, , ITN, ශ්‍රී ල ගු ස (Class I, Grade I)   



පොටෝකාඩ් එක  මෙතනිං

දේශපාලන විචාරක, ගද්‍යනොවන මහාකවි, අතිගරු මාතලං මැතිඳු ඔහුගේ නවතම බ්ලොග් පොස්ටුවේ මෙසේ ලියා පළකොර තිබෙනවා.


ඒ කෙසේද යත් 'අනෙක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම නොව, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය.'

අම්මට සිරි වෙනව නේද? බණ්ඩාරනායක උන්නැහෙත් කිව්වලු 'මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම' යි කියල.
දැන් ප්‍රශ්නේ මක්කද මේ 'බහුතරය'. කොහොමද ඒක ඩිෆයින් කොරන්නේ. එකත් කොරන්නේ බහුතරයට සුගතියක් වෙන විධියටමද? මෙව්වා කල්පනා කොරන කොට පිස්සු හැදිලා හොඳවෙලා ආයේ හැදෙනවා..

පළවන චේදෙන් පෙනෙන්නෙ අජාසත්ත ගල්.... . සොරි සොරි වෙරිම සොරි ඒ තොරණේ විස්තරේ නේ.  පළවන චේදෙන් මාතලං මැතිඳු කියන්නේ  ' පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය.' මුලිංම කියන්ඩ එහෙනං මෝදී උන්නැහේගේ සුට් එක ගොං සුට් එකක් වෙන්නේ කෝමද? ඔව් කියන්න බලන්ඩ 
මාතලංට අනුව, 'පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස' කියන්නේ ඒ වැඩේට බැහැල හිටපු බහුතරේ නේ. එහෙනං උං කොරපු වැඩේ හරි.

ඊළඟ කොටුවෙන් පෙනෙන්නෙ 'රනිල් හා සැටලයිට් නෝනා නටන්න යන සෙල්ලම'. කොහොමද ඒක.
සෙල්ලම හොඳින්ම අවබෝධ කොට ගත් සිරිසේන, මේ ගේම අත ඇරියේ නැතිය. ඔන්න සිරිසේන බහුතරේ වෙච්චි තැන. තනි කකුලෙන් දුන්නේ ගේම. ඕ යේස්. මේ හැබැයි බොරු කියන්ඩ එන්ඩ එපා. රනිල් නැටුවේ නැන්දත් එක්ක.  සැටලයිට් නෝනිගේ ඩාන්ස් වෙන තැනක. පොඩ්ඩක් පරණ යු ටියුබ් හොයාගෙන විස්ලේසොනේ කොරල බලන්ඩකෝ.

අද මෙන්, ඔහුගේ ජන්මය ගැනවත්, ..... මඩ කරියන් වත් එදා පෙලඹුනේ නැතිය. ඉතින් ඒ ගොබ්බ අලිනුත් මඩ කරියනුත් හැමෝම ඒ කාලේ බහුතරේ නිසා මක්කටැයි පෙළඹෙන්නේ.

මංගල, රටේ නායකයා හඳුන්වන්නේ "පර බල්ලෙකු" ලෙසය. ඔන්න මංගල බහුතරේ වෙච්චි තැන. හැබැයි මෙතන තව කේස් එකකුත් තියෙනවා. බලු කජු කන්ඩ දුන්නේ කාටද.  ඔහෙටද? මටද? අපට නං දුන්නේ හොඳ රට කජු. මං අහන්නේ මිනිස්සුන්ට cat food දෙන සිරිතක් තියෙනවද මේ ලෝකේ.

ඔවුන් සිතුවේ සිරිසේන නොම්මර එකේ මෝඩයෙක් යැයි කියලාය. ඔවුන් උත්සාහ කළේ සිරිසේනගේ තටු කපා දමමින්, අප රටට කිසිඳු උදව්වක් උපකාරයක් නොකරන, බටහිර බලවේග හා දෙමළ දේශපාලුවන්ට අවශ්‍යව තිබෙනා, න්‍යායපත්‍රය ටිකෙන් ටික ක්‍රියාත්මක කිරීමය.
ඉතින් හරි නේ. උං බහුතරේ උනාම , බහුතරේට සුගතියක් වන තීන්දු තීරණ ගත්තා. මාතලං මැතිඳුමනේ කිව්වේ. තටු කපා දාන්ඩ, එන්ඩ එපා ඕවට, ඇයි එය කුකුලෙක්ද?

සිරිසේනගේ සදාචාරය ප්‍රශ්ණ කරනා අමු මී හරකුන්ගේ ප්‍රධාන තර්කයක් වෙන්නේ... අම්මට සිරි දැන් මී හරකුනුත් ගේමට බැහැලද. ඇයි අත් ටැට්ටර් ඉස්ටැයික්ද?

මේ ප්‍රශ්ණයෙන් දමා ගසනා, ලෝකය ගැන අබ මල් රේනුවක දැණීමක් නැති සියල්ල දත් කියා සිතා රඹ ටෝක් ඉෂූ කරනා පොල් බූරුවන්ට කීමට ඇත්තේ, මෑත ඉතිහාසයේ ජපානය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තයේම මැතිවරණ ගැන විපරමක් කරපල්ලා කියනා එකය. ඇයි සුදෝ රුසියාව, ජිං පිං මල්ලියගේ රට, ට්‍රම්ප්දේශේ

එයට ව්‍යවස්ථාව ප්‍රතිපාදන නැත්නම්, අලුතෙන් නීතී පනවා හෝ ඔවුන් එලවා දැමිය යුතුමය. තමන්ට වසර දෙකක් තිබෙද්දි මහින්ද ජනපතිවරණයකට යන්නේත් මේ නිසාමය. තම රජය ජනතාව අතර අප්පිරිය වී ඇති බව තමන්ට හොඳින් වැටහුන නිසාවෙන්මය. ඒ අනුව ජනාධිපති වරයා කර ඇත්තේ සධාචාර නොවූවත් ඉතාම නිවැරදි ක්‍රියාවක්ය.
මෛන්ද මහත්තය අලුතෙන් නීතී පනවල හරි කුඩු කෑවත් කිරිත්තමට කෑවනේ. ඒක මෛන්ද මහත්තයගේ කොලිටිය. ඉතිං මාතලන් මැතිඳු කියන්නේ අපේ සිරිසේන මැතිඳු කියන්නේ තනිකරම බහුතරය කියලද? ඔව්නේ, අපේ රටේ ජනදිපතිලා ගොඩක් නෑනේ. ඉන්නේ එකයිනේ, එයා තමා බහුතරේ, හරිනේ. ඒත් තාමත් ටිකක් ටැපලිලි පැටලිලි වගේ වගේ නේද ? නැද්ද එහෙම හිතෙන්නේ.

සමාජයේ ඉහළම ස්ථරයේ සිට පාදඩම පන්තිය දක්වා පිරිස් මාතලන්ගේ හිතවතුන්ය. ඉතින් මාතලන් මැතිඳුනේ අපේ අතිගරු ජනපති වියයුතුව තිබුනේ. වෙසක්  පෝය දවසෙ රාවතාවත්තේ පොරක් හොඳටම පැණි වෙලා සිග් සැග් ක්‍රමේට ඇවිදින ගමං මේම කියනවා. බුදු වෙන්ඩ හිටපු එකා කුරුසියේ ඇණ ගහල කුරුසියේ ඇණ ....
බලං යනකොට එකේ ඇති විශේෂෙකුත් නැහැ. සාදුල සින්දු ලියනවා හාඩ්වෙයාර් එකේ කුකුල්මස් විකුනනවා!

මහා ළොකු සභ්‍යත්වයක් සදාචාරයක් කතා කරනා මිනිසුන් කිසි දිනෙක තවත් මිනිසෙකුට ගරහන්නේ නැතිය. පරිබව කරන්නේ නැතිය. එය ඊයේ, ගොම්මන්පිල අනුර කුමාර උපන් ලපයක් සහිත බල්ලෙකුට උපමා කිරීමේ සිට අනෝමා ජනාදරීගේ නිරුවත ගැනත්, ප්‍රේමදාස අඩු කුළේ ලැවරියා කාරයෙක් බවටත්, සිරිසේන නූගත් ඉන්ගිලිසි බැරි ග්‍රාමසේවකයකු දක්වාත් විහිදි යන්නේය.
ඇයි අනේ අර සමනල කතාව, අනේ අපි නෙවේ කිව්වේ.

උන් හිතන්නේ, ටයි කෝට් ඇද, රෙස්ටුරන්ට් වල කා, තමන්ට ඕනෑම දෙයක් කර, ඉහළ පන්තියේ උන් ගැවසෙන තැන්වල බඩට නොකා, වින්ඩෝ ෂොපින් කර, එය පොතක් මගින් හෝ චිත්තරපටියක් මගින් හෝ නාට්ටියක් මගින් හෝ අඩුම තරම ෆේස් බුක් එකේ හෝ දමා, අපි මාර රැඩිකල් ඩෝ අපි ඇවිල්ලා ටොයියෝ කියා පෙන්වීමය.
ඉතින් ඒක ඒ 'රැඩිකල්' බහුතරේ තින්දුවනේ, කෝ, කාගේද පුකේ ඉත්තෑවො දුවන්නේ. මාතලන්ගේ? නෑ නෑ  ඉත්තෑවො දුවන්නේ නෑ දුවන්ඩ වගේ ඉන්නවා. පස්නයක් නෑ. ඉත්තෑවො ගැටළුවක් කොර ගන්ඩ එපා

උන්ගේ වෙඩින් දවසේ හෝ හතර අතේ ණයවී, තරු පහේ හෝටලයකින් කා, කුලී ලිමෝසියෙන් හනිමූන් ගොස්, ක්‍රෙඩිට් කාඩ් එකෙන් රට සවාරි ගසා, අපි ඇවිල්ලා මාර ටොයියෝ කියා කියනා නොම්මර එකේ බයි හිඟන්නන්ය. සිරිසේන හා පවුල ඉහළ සමාජයේ කිසියම්ම හෝ දෙයක් ලබා ගැනීම, මේ අලි බයියන්ගේ පුකේ ඉත්තෑවෝ දුවනා කාරණයක් බවට පත් වෙලා තියෙනවාය.
අම්මප මේ අලි බයියන්ට මඩු වලිගෙන් තලන්ඩ නෙවෙයි එලව එලව තලන්ඩ ඕනේ ඔය කොරපු හතර විලි ලජ්ජා නැති වැඩේට නං.
අපි වගේ ධනවත් රටක්, රෙඩි කෑෂ් වලින් හයිවේ හාබර් ඔක්කොමත් හදල ලෝකෙටම ලස්සෙට කොඩිය දාල ඉන්න රටක, ලංගමට දුවන්නෙත් ලම්බෝගීනි බස්, ඉතාලියෙවත් නැහැ, රෝල්ස් රොයිස් කොච්චි - ජෙට් ඇංජිං  හයිකොරාපු තව තුන් වේලටම නොමිලේ ආණ්ඩුව ගානෙ මිශෙලින් ත්‍රී ස්ටාර් රෙස්ටුරන්ට් එහෙකින් ගෙදරටම කෑම ලැබෙන කොට කාල ඉන්ඩ පින නැති හැටි. හතර අතේ හරි ණය වෙලා දෙකයි පනහෙ තරු පහේ හෝටලේකිනුත් කන්ඩම හිතෙනවා ඇති. පව් අප්පා මනුස්ස සොබාවනේ.

සිරිසේන හා පවුල ඉහළ සමාජයේ කිසියම්ම හෝ දෙයක් ලබා ගැනීම - අන්න ඒක නං ටිකක් කේස් මචෝ.
මොකද මාතලංම කියන විදියට සිරිසේන සාමාන්‍ය පන්තියේ මිනිසෙකි, හරියට 'සිරකරුවෝත් මනුෂ්‍යයෝය' කියනවා වගේ.
සතෙන් සතේ ඉතුරු කොරල ඉතුරු කොරල, ගෙදරින් බත් ගෙඩිය බැඳගෙන ඇවිත් කාල, ඇට්ලස් බෝල්පොයින්ට් එකෙං අස්සං කොරල හිටං , තව තව...
ඕස්ට්‍රේලියන්කාරයොන්ට ඉරිසියාව අපේ සාමාන්‍ය පන්තියේ මිනිසෙක්  සල්ලි ටිකක් හම්බුකොරගන්නවට. තුන් හිතකින් වත් මේ සිරි ලංකාවේ අපිටනං නෙවේ මල්ලියා. හැබැයි සුද්දගේ පැත්තෙන් බැලුවම ඒකත් නිවැරදියි. මොකද?  ඒකත් බහුතරයක් ඕස්ට්‍රේලියන්කාරයොන්ට සුගතියක් වන තීන්දු තීරනේ - ඇයි අප්පා මේ යකාට ඩොලර් මිලියන ගනං සල්ලි දුන්නේ නැත්තන් එව්වා ඉතුරු වෙන්නෙත් ඔස්ට්‍රේලියවටමනේ.

අපේ රෙමිජියස් අංකල් කියන විදියට ඔව්ව වැඩක් නැහැ පුතා.

මේ ඒක නෙවෙයි සෑර්ල මිසීල දැන් අපි සෙට් එක කතරගම යන්ඩ ඉන්නේ.
නගිනවා බොරැල්ලෙන් 103 ඔටුව පිටෝටුව. නෝන වාට්ටුව හරියේදී ඩයිවර් මල්ලිට කියනවා, මල්ලේ හරෝපාං අපි යන්නේ කතරගම කියල.
මේක ප්‍රජාතන්ත්‍රවාදෙ , බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම සුම්ම, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය දැන් නවතම ක්‍රමේ. යමං කතරගම. හැබැයි හරියට දැනගෙන. 
නොදැන ගියොත් අතරමග.

ජයවේවා!

11 comments:

  1. මාතාට මම දාපු කමෙන්ට් එක ඌ රිලීස් කරොත් කියවපන්.

    ReplyDelete
    Replies
    1. මේකේ දාපන් . හැබැයි මාතා ගෝඨාභයට හැම වෙලේම සපෝර්ට් කලා. දැන් සිරාට
      ජයවේවා හැට්ටර් - එනම අදහසක් වගේ

      Delete
    2. රටටම පිස්සු හැදිලා තියෙන අවස්තාවක, මාතාට පිස්සු හැදීම සාමාන්‍ය දෙයක්. ගණන් ගන්න එපා. ඉක්මනට දොස්තර කෙනෙක් හොයා ගනින්. උඹේ ලෙඩේට නෙමේ , රටේ සහ අපේ ලෙඩේට. මේක මාර විනාසයක් සහ වින්‍යාසයක් arrangement. මේක කවුරුත් තේරුම් ගන්න උත්සාහ කරමු.

      Delete
    3. මම මාතට දාපු කමෙන්ට් එක ඕක තමයි., මාතටහ් පිස්සු,සිරාටත් පිස්සු. කොහෙන් පඩි ගන්නවද මන්දා

      Delete
  2. 'Thawa UNP ekata kade yanna Mr BW' If Ranil is still in UNP after this drama, UNP's next common candidate will be Mr Dambare Lirto Amila. UNP supporters will still vote for Mr Litro. (even Mr Sobhitha wanted it CBK spoiled the plan)

    Anyone remember Colombo MC election few years ago? UNP said Sirisane Coory = 'Three Wheel driver' and vote for 3 Wheel man. Surprise? 3 Wheel man is Colombo's first citizen (untill MR sack him)

    Everyone forgotten the fact that Mr Sirisena was UNP choice and there were tons of accusation against MR (which did not move beyond Magistrate courts) Electing Satath F would have been even worse the MS. (Well UNP, let's elect Litro Amila, Jayawewa!!!!) Because UNP do not have leaders, they only followers. Mr R Premadasa walked out of UNP one time to get the UNP leadership, current Premadasa says I will not accept PM post.

    ReplyDelete
    Replies
    1. ඇනෝ සෑර් (or මිසී) සොරි වෙනවා මගේ පෝස්ට් එකෙන් කාට හරි කඩේ යන ගතියක් හැඟෙනවානං. මට කාටවත් කඩේ යාමට අවශ්‍යතාවයක් නැත. මක් නිසාද සිරිල් අයියට වගේ මටත් මගේ වැඩ ටින කරගන්ඩ දවසේ පැය 24 මදි නිසා.

      මෙතන තියෙන්නේ රනිල් හෝ සිරිසේන හෝ මෛන්ද මැතිඳුලාගේ හොඳ හෝ නරක නෙවේ. ඔය හැමෝගෙම, මේ අපි වාගේම බොහොම හොඳ ගතිගුනත් තියෙනවා ඒ වගේම අන්ත අපත ගතිත් තියෙනවා. කේස් එක රටේ නීතිය බල්ලට දාපු එක. දැන් මෙහෙම හිතන්ඩ, ඇනෝ හොඳ සුට් එකක් එහෙම ඇඳලා තමංගේ පාට්නරුත් සමග පාරෙ යනකොට සැට් එකක් වටවෙලා කලිසම එහෙම ගලවලා ප්‍රශ්චාත් භාගයේ ක්‍රීඩා කළොත් මොකද තත්වේ. මාතලන් කියනවා වගේ උනුත් කියාවි අපි මෝල් වෙලා ඉන්නේ මේක අපේ බහුතරයට සුගතියක් කියල. බලාගෙන යනකොට ඇත්ත නේ. සිරිසේන මැතිඳුගේ ක්‍රමේට ඇනෝට කියාවි ඕනේ නං උසාවි ගිහිං ඕක බේරගන්ඩ කියල. ඒ වෙනකොට බබා හම්බුවෙලානේ ඔන්න ඕකයි මට කියන්ඩ නේ උනේ. මොකක් හරි මුලික නීතියක් තියෙන්ඩ ඕනේ රටක් උනාම. අන්න ඒකයි මාතලංගෙ තියරියෙන් වෙනස් කොරන්න යන්නේ.

      I don’t mind UNP proposing Dambare Amila or even President Sirisena as their candidate; that will be their choice. And I hope they will carefully calculate the consequences as well. Personally, I am against Buddhist monks doing politics only because they don the robe for a completely different reason and they have a whole nine yards of work to do, if they want.

      As you mentioned about Premadasa Jr., he is no different from any other ordinary MP. President Premadasa had some vision and he worked hard to achieve his dream though he was directly responsible for a lot of bad things as well. The only memorable thing Junior did so far in his political career was the criteria he developed to select candidates for කංකරු and සිකුරිටි.

      ජයවේවා!
      Myself Hattor

      Delete
  3. Ha ha ha. Well said Hattor.
    Lotus.

    ReplyDelete
  4. හැට්ටර් ඔබ වැන්න වුන් විරලය ඔබ ඇත්ත ඇති සැටියෙන් පහදා ඇත

    මාතලන් වනාහි පට්ට පවතින පාලයකින්ට රැඩිකල් පොරක් කියා කිවත් ඔහු සැමවිටම පෙන්නුම් කරේ වාසි පැත්තට හෝයියා වී චන්දයක්දී මෙගේ චන්දය මම දුන්නේ JVP එකට කියා පන්පොරි ගැසීමය [ඔහුගේ චන්ද අයිතිය ඔහුට අදාළ මිසක් අපට අදාළ නැත ]

    හුදු තමන්ගේ ජනප්‍රියභාවය [ එසේ තිබේද කියා දන්නේ ද ඔහු පමණි ] රැකගැනීමේ අභිලාෂයෙන් රටක නීතිය ත් විහිලුවට ලක්කරන්නේ ද මෙවන් මාතලන් වැනි අඳබාලයින් බව මනා පැහැදිලිය.

    මෙවර බලු පොරය නිසා මෙපමන කලක් හෑල්ලුවට අවම වශයෙන් ලක්වූ අධිකරණයද හෑල්ලුවට ලක් කරවන්නේ විනිශ්වකාරයින්ගේ පවුල් පසුබිම පවා සොයාගෙන ඔවුනට සාවද්‍ය අපහාසාත්මක දෑ විවිධ සමාජ මාධ්‍යන්හි පලකිරිමෙනි

    මෙවන් දෑ කව්රුන්ගේ හෝ අනුදැනුමකින් තොරව කලත් හෝ තොරව නොකලත් එය සදාචාර විරෝදී ක්‍රියාවකි අවම වශයෙන් සදාචරයටවත් ගරු කලයුතුය

    ස්තුතියි!!

    ReplyDelete
  5. Hi Hattor,
    I did not say what Mr. MS did is right (it is wrong as per constitution, could have done the same thing within the Constitution) How ever he is not finished, let's see the final solution and the reasons for the drama.

    What I said is UNP has no leaders, they always looking for a Bat-Man or Superman from the streets, that logic created Mr. MS and UNP is responsible for MS becoming President and all his actions. (Just like 3 wheel man becoming mayor of Colombo)

    If you are not going kade, sorry wewa.
    Myself (same ano as above)

    ReplyDelete
    Replies
    1. Hey Wijebahu,

      You are absolutely correct. I believe Nobody except MS knows what the reason for this drama is. I doubt even MS has a valid reason for his actions. Maybe this is the only thing MS wants to leave the world to remember. Poor fella!

      Undeniably, UNP does not have a leader in the pipeline - so forget about a good leader. And most importantly, I think that they do not have a culture of making such a person. JRJ and RP both got power partly by force. BTW, all other parties are the same; no difference. How did comrade Anura get the leadership? SLFP is also notorious for their leadership - remember how CP, Hector K and even MR were treated (I mean mistreated)?

      You correctly state that the UNP is the creator of this whole mess. They have to fix this.

      Good to have this conversation with you my friend .

      ජයවේවා!
      Myself Hattor

      Delete
  6. සමාජයේ ඉහළම ස්ථරයේ සිට පාදඩම පන්තිය දක්වා පිරිස් මාතලන්ගේ හිතවතුන්ය...//

    මෙයා කොළොඹ 7 රාජකීය ට ගියා කියලා මේ කටුසු මාතලන් හට සමාජයේ ඉහළම ස්ථරයේ හිතවතුන් නැත. ඉහල සමාජයේ කා ඉතිරිවී ඉවතලන කටු සුප්පු කරන්නෙක් විනා වෙන විශේෂත්වයක් මොහුට නැත

    සමාජයේ ඉහළම ස්ථරයේ සම්බන්ධතාවය කෙසේද යත් තම පුතනුවන් රාජකිය විදුහලට ඇතුලත් කර ගැනීමට මොහු කාපු කට්ට කෙසේද කියා දන්නෝ දනිති

    ස්ථිර පදිංචිය අනුව මොහුගේ නිවහනට ළගම පාසල හොදම පාසල පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඇති සිල්වස්මිත් ලෙන් එකේ පිහිටි St. Sebastian Maha Vidyalaya ය.

    නමුත් තමන් පදිංචි කොළඹ 11 එපිට, කලාප 4 ක් එපින් පිහිටි කොළඹ 7 රාජකියට ඔහු පුතුණුවන් ඇතුලත් කලේ ඉහල සමාජයෙන් කාපු කටුවලට පින් සිදුවන්නටය. එහෙම නැතිව සුදුසු කම් වලට නොවේය

    නමුත් කතාවනම් "මාතලන් ස්වාධින අදහස් තියන රැඩිකල් පොරක්ය .තමා වැන්නන් ලොවෙවත් නැත ලොවි ගසේවත් නැත" කියා ය

    සමාජ ක්‍රියාවලිය වෙනස් කරන්න රටේ ආණ්ඩු කරන්වුන්ට උපදෙස් අනාවැකි කියන්න තරම් ඔහු තරම් පොරක් ලංකාවී නැති තරම්ය මුහුණු පොතේ ඔහුගේ කෙරුවාන් ගැන කියන්න වදන් නැත ඒ එතරමම අජුවය !

    මෙය මාතලන් හට මඩ ගැසීමක් කියා කියනවානම් ඔහු පුතනුවන් පාසලට ඇතුලත් කල ආකාරය පදිංචිය, ලයිට් බිල්, වරිපනම බදු ලියකිවිලි සහිතවම ලියා සමාජයට ඔප්පු කර පෙන්විය හැක.

    ReplyDelete