Friday, December 14, 2018

ලංකාවෙ Brexit තත්වය



An image of Halley's Comet taken in 1986., Credit: NASA

දැං ඇත්තම කියනවනං මේ දවස්වල හැට්ටර්ල ටෙරේස නෝනිට ශපොට් එකක් දෙන්නේ කොහොමද කියල බරටම වැඩ. (අපේ කල්‍යාන මිත්රලා, කට්ටකාඩුවේ මලයල, අටං සෑර්ලා මේ දවස්වල සද්දේ වහල ඉන්නේ මං හිතන්නේ ඒ ගොල්ලොත් හොරාටම මේකට යටිං වැඩ ඇති - පෝස්ට් එකක් ලියාගන්ඩවත් වෙලාවක් නැතුව)

ඇමතිලා ටිකක් අනික් පැත්තට ගියා, වැඩේ පැරදුනොත් නෝනිට ඉතිං බඩුම තමා.නෝනිත් ගේම අරින්නෙම නැහැ. EU එකේ බාප්පිලා එක්ක ප්‍රයිවෙට් එකේ හොරාට හොරාට, රෑට රෑට ප්ලෑන් ගහනව ආපිට බැෂ්ටිය දෙන්ඩ. හැට්ටර් දුන්න නියම ලෝ පොයින්ට් එක. කල්තියන්ඩ නෝනි ඔය චංද අටමගල, දෙන්ඩ කෝල් දෙක තුනක් ටිකක් ඇදල පැදල ෆෝ එග්සාම්පල් නිකං 'රංගේ... නි..දි..ද' වගේ. ඒ ඇති. ඒ අතරවාරේ සල්ලි ටිකක් හොල්ලන්ඩ එතකොට වැඩේ ගොඩ. 

අම්මට සිරි කිව්වත් වගේ චන්දෙ දිනුව හැට්ටර්ට කතාකෙරුවා සීනියර් ඇඩ්වයිසර් කමට. හැට්ටර් ඉතින් නිහතමානී මිනිහනේ කෝමටත්. මං කිව්වා මාත් ඉගෙනගත්තේ සරල පොරක්ගෙන් ඉතින් ඒ පාර නෝනි කියනවා අනේ හැට්ටර් ඒ සරල පොරව කෝමහරි සැට් කොරල දෙන්ඩ කියල. කෝමද සෑර්ල ඉතින් මිනිහව යවන්නේ හරි හමං  තැනකට. රැජිනි ග්ලවුස් ගලවල මට අතට අත දුන්නේ හිටං කියල මිනිහ දැන් රෙදි ඔක්කොම ගලවගෙන නේ ඉන්නේ.

අපේ පැත්තට එගේන්ස් එකට තව අපත සෙට් එකක් දැං ඇන්ටර් වෙලා. අපත කියන්නේ උපරිම අයනු  පයනු  තයනු. වීරවංස උන්නාංසෙ කියන්නේ අපි නෝනිට කවදාවත් ඉඩ දෙන්නෙ නැහැ අපේ මාතෘ භුමිය යුරෝපියන් යුනියනයට විකුණන්ඩ, ගලවනවා යුනියන් එකේ ප්ලග් එක .. අරක මේක ..අම්මට සිරි බලන්ඩ එපෑය කතාව. සුද්දොන්ට තේරෙන්නෙත් නැහැ බොරිස් ජෝන්සන්ලා කට ඇරන් උඩ බලං ඉන්නවා කොර වෙලා.
එතකොට ගම්මංපිල උන්නාංසෙ දෙන්නේ මෙහෙම. කෙලින්ම පංසිය පනස් ජාතක පොතෙන්. පිංවතුනි, අපේ ආර්තිකේට කෙලවෙලා අපි බලුවෙලා ඩොලර් නැගල රුපියල පවුම බැහැල තියෙන්නේ කජු කාල නෙවෙයි, මුලිංම මේ ජර්මං කරයින්ට ප්‍රංස කරයින්ට කෙලින්ඩ ඕනේ. ආර්තිකේ කෙලින් කොරල බික් බෙං කණුවට හේත්තුකොරල අහක්කවෙලා සිංගප්පුරු ගිවිසුං සුනු විසුනු කරලා, මේ මොන ජංජාල අස්සෙ උනත් පාටලී මෙගා පොලිස් ස්ථානාධිපති තුමාට කැපිල්ලකුත් දාන්ඩ අමතක කරන්නෙත් නෑ. ඒවා ඉතින් පුරාන කාලේ ඉඳන් නොකඩවා පැවත එන හොඳ යුතුකං නේ. නැද්ද මං කියන්නේ

ඔහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අර මවුන්ට් ලැවිනියා වල හිටපු මිස්ට ෂෝන් ඈෂ්බෝඩ් (Mr.  A . Sean Ashbord ) මතකද? අර අර 'සිංහල' කියන එක අර්ථ දැක්කුවේ සිං=seen  හෙල=halley , ඒ කියන්නේ දුර අතීතයේ 'හේලිගේ වල්ග තරුව දැක්ක' කියල ‘I mean seen the halleys comet, you know’. කොහොමත් එදා ඉඳලම වල්ගයි තරුයි දෙකම පෙනී පෙනී නේ ඉන්නේ අපට.

ඔය කිව්ව ඉස්ටෝරි, සේරම කේස් ඇත්ත වෙනවා 1948දී සර්. මංක් මේසන් මුවර් උන්නැහේ නැතුව අපේ සරල ජනපති වගේ කෙනෙක් ගවනර් ජැනරල් කෙරුව නං. ඇයි කියලා අහන්නේ ඉතිං 1950-51 වෙනකොට මුං රට කෑවාය සංස්කෘතිය සුද්දගේ වගේ නෙවේය අරකය මේකය කියල ආපහු සුද්දටම රට දෙනවනේ.
එහෙනං හැට්ටරුත් බ්‍රිටිෂ් පාස්පෝට් එකෙං තමයි දඹදිව වන්දනාවේ යන්නෙත්.

බයිලා ඉතිං කියල විතරක් මදිනේ එහෙනං ඩේට තියේනං  මේකත් අහලත් බලමු .

ජයවේවා

4 comments:

  1. //ඇයි කියලා අහන්නේ ඉතිං 1950-51 වෙනකොට මුං රට කෑවාය සංස්කෘතිය සුද්දගේ වගේ නෙවේය අරකය මේකය කියල ආපහු සුද්දටම රට දෙනවනේ.// +++++++++++++++

    ReplyDelete
  2. ටිට්ටර්ගේ මල්ලි හැට්ටර්
    ඔය ඉයන් කියන්නේ වලපල්ලට යන්න ඉන්න ලොත පොල් නාකියෙක් එකා ඕකා වලපල්ට ගිහිල්ලා ඇනෝ බ්‍රෝ ලගේ වලපල්ලට ගිහින් ඉන්න මෑණියන්ලාට හැමිනෙන්න ඇඩ්වාන්ස් සල්ලි ඉල්ලා එකතු කරපු එකෙක් ඕකාව හිටන් වගේ මුල්ලේරියාව රෝහලට ස්ථිර පදිංචියට යැවිය යුතු එකෙක්

    ReplyDelete
    Replies
    1. ගරු කටයුතු ඇනෝ සෑර්,

      සිරි ලංකාවේ විවස්ථාව අනුව ඉයන් ලොකු සෑර්ට එම ලියා ඇති වැඩ කටයුතු වලට සම්පුර්න නිදහස ඇත.
      වැඩේ රටේ නීතියට අනුකුල නොවේ නං අධිකරණය වෙත යාමට අවස්ථාව තිබේ.
      විධායකය කජු කමින් සිටින නිසා එයින් ප්‍රශ්නයක් නැත.

      ස්තුතියි.

      Delete
  3. “The U.K. should begin with an F
    And have a C after the U,
    And it should end in E D
    Now that we’ve left the E.U.”
    ― Harry Whitewolf

    ReplyDelete