Thursday, November 29, 2018

සිරි ලංකාවේ 'හෝලි' උත්සවය


සිරි ලංකාවේ 'හෝලිඋත්සවය

පොටෝ කාඩ් එක අන්තර්ජාලයෙන්  Bikas Das තැන්කිව් වෙනවා මේ අපූරු පොටෝ එකට.

ගුඩ් මෝනිං එකක් වේවා!

තරංජිත් ගිය සුමානෙ ආවනෙ මාව හම්බුවෙන්න හිටං.
මෝදී උන්නැහේගෙං කාඩ් එකක් දෙන්ඩ තියෙනවා කියල රෑ දවල් නැතුව පින්සෙන්ඩු වෙලා අපේ උදය ලේකං තුමාට.
කොලුවා කාඩ් එක කෝම උනත් තෑගී පෙට්ටියකුත් අරගෙනම ආවනේ. අන්න කොල්ලෝ! වැදගත් විදියට ලොකු ලොක්කො බැහ දකින්ඩ එන හැටි. ඔහෙලත් ආදර්සෙට ගන්ඩ ඕනේ ඔය වගේ හොඳ පුරුදු.

මං හිතුවේ ලඩ්ඩු බූන්දි වගේ සුවිට් ජාති කියල හැබැයි පෙට්ටිය ඇරල බලද්දී තිබ්බේ එක විදියක සුකුරුත්තං කුප්පි ටිකක්.
ඉතිං මං ඇහුව මොනවාද කොලුවො මේ ඩප්පිද කියල, ඒ පාර ඒක කියනවා අනේ බොස් අපි මේ ඉන්දියාවේ ඉන්න බෝම අහිංසක මිනිස්සු කියල. අනික මේ පිස්සෙක් දාල අපේ උන් ගම කාල තියෙද්දී බ්ලේඩ් තලයක් වත් අපි මේ වෙලාවේ සිරි ලංකාවෙ එහෙකුට දෙන්නේ නං නෑ කියල.
ලොකු බොස් අර පහුගියදාක ඕගොල්ලෝ 'හෝලි' උත්සවේ පෙන්නුවනේ දියවන්නාවේ ඉස්ටේජ් එකේ.
ඔය සෙල්ලමට රතු පාට විතරක් අරන් මදි. අනිත් පාටවල් ටික අපේ මෝදී බොස් තකහනියක්ම ගෙනත් දෙන්ඩ කිව්වා. මට නිදා ගන්ඩ වත් දුන්නෙ නැහැ, තරංජිත් අරක දුන්නද අරක දුන්නද කියල පැයෙන් පැයට කෝල් දෙනවා.
අනේ ලොකු සෑර් ඊළඟ පාර 'හෝලි' දානකොට මේ එවල තියෙන අනිත් පාට ටිකත් ගන්ඩ හොඳේ.
මං කිව්වා තමුසෙ මේ මගුලක් කතා කරනවා. අපි තමුසෙලා වගේ නෙවෙයි, මේ සිරි ලංකාවේ අපි, මේ 'හෝලි' කේස් එක නවතම මානයකයට ඒ කිව්වේ තරංජිත් we took ‘Holi’ to an entirely new dimension, new level, you know.

අපි මේ ඉන්දියන් කාරයෝ සුද්දෝ චීන්නු වගේ නෙවෙයි, අපි හැම එකක්ම දිහා බලන්නේ අලුත් මානයකින්, නව කෝණයකින්. දැන් බලනවා අයිෂේ මේ  විවස්තාව, අපි බැලුවේ නව කෝණයකින් අංශක 180 කින්. අන්න වැඩ.

බලාගෙන ඉන්නවා ලබන අවුරුද්දේ මං UN ගියාම අන්තෝනියෝ උන්නැහේ දෙන ඉන්ට්‍රොඩක්ශන්  එක,
'ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක.... විවස්ථාව.....  නව කෝණයකින්..... , ඒ කියන්නේ හරියටම දශමෙටම අංශක180 ක ඈන්ගල් එකකින් බලා ....

ජයවේවා !
පසුව ලියමි.

ඔය මොනවා උනත් අර පොළොන්නරුවේ ගෙදර කක්කුස්සියේ දොරේ ඇතුල් පැත්තෙ අඟුරු කෑල්ලකින් 'හිටියොත් හොඳට හැදී ... දෙවියොත් නමට වඳී' කියල ලියපු එකා අහු උනොත් අම්මප ....

Myself Hattor

2 comments: