Thursday, February 8, 2018

ඩිප්ලෝ-මැටි (සිංහයයි තරු තුනයි)

නිදහස් දිනේ එක්සත් රාජධානියේ අගනුවර (අර ටීම් එක වෙලාවට එංගලන්තේ නොහිටියේ - නැත්තං ඕක දැනටම 'ලනුවර' කොරල ඉවරයි) අපේ තානාපති කාර්යාලේ ඉස්සරහ වෙච්චි කේස් එක. නොයෙක් නොයෙක් දෙනා නොයෙක් ආකාරයේ 'අර්ථ කථන' දෙනවා ඒකට.මෙන්න හැට්ටර්ගේ ඉස්ටෝරිය.

හයිඩ් පාක් ගාඩන් එකේ නුවර පෙරහැර යනවා වගේනේ අර තුන් දෙනා ඉන්නේ. අම්මප එම්බසියේ වැඩ නැද්ද? එහෙමත් නැත්තං පොඩ්ඩක් හයිඩ් පාක් පිටිය සිසාරා හමා එන සීතල මද නල .. කොහොමද ඒක ..කූල් ප්‍රෙස් එයා පාරක් දාන්නද එහෙමත් නැත්තං ප්‍රයිවෙට් එකේ පොඩි ෂියෑට් පාරක් අදින්ඩද  දන්නෙත් නැහැ කෂ්ටිය ඔය එලියට වෙලා ඉන්නේ. එහෙම්මමත් නැත්තං ඇල් ටී ටී ඊ සංවිධානේ ගාඩොප්ඔනර් එක රිසීව් කොරන්ඩ වෙන්ඩත් ඇහැකි. නැද්ද මං කියන්නේ.

ඔය මොක උනත් ඇම්බසියේ කෂ්ටිය කොරපු වැඩේ බෝම වැරදියි. දැන් බලන්ඩ හැත්තෑව හරි තිහ හරි අපේ නිදහස් දිනේ නේ මේ. එතකොට ඔය පෙළපාලියේ ගියා කියන්නෙත් ලංකාවෙන් රාජධානියට ගිය අයලුනේ (තව ඒගොල්ලොන්ගේ තමිල්නාඩුවේ නෑදෑයොත් හිටියලු, එව්වා වැඩක් නෑ කෝම හරි නෑදෑයො නේ). බලන්ඩ අපේ දෙදහස් පන්සීයේ සංස්කෘතියේ සදාචාරේ. ඒකෙ තියෙන්නේ වෙන මොකක්වත් නෙවේ මුලිකවම ආගන්තුක සත්කාරෙ, ප්‍රබාකරන් අච්චර ත්‍රස්තවාදියා වෙලත් මෑන්ගේ පොඩි එකාට බිස්කට් දුන්නේ කවුද? එව්වා අමතකද? අන්න එහෙම ජාතියක් අපි. ඉතින් එහෙව් එකේ අර පට්ට සීතලේ ජැකට් ඇඳගෙන තවත් සීතල ඉවසගන්ඩම බැරුව අත් දෙකම ජැකට් සාක්කුවේ දාගෙන වෙව්ල වෙව්ලා හිටි සැට් එකට, මාරි බිස්කට් පැකට් දෙකක් කඩලා, උණු උණුවේ ප්ලේන් ටී ටිකක් වක්කොරගෙන එව්වා බොන්නේ නැති අයට පැන්ටා මෙගා බෝතලේකුත් අරගෙන පොඩි සංග්‍රහයක් දෙන්ඩ නේ තිබුනේ. ඔව්ව අපි කියල දෙන්ඩ ඕනේ දේවල්ද? නෑනේ. ඔය කොලිටි ඇඟේම තියෙන්ඩ ඕනේ. බොරුද මං කියන්නේ හිටං.

ඊට පස්සේ ඔය තේ බෙදන ගමං මල්ලිලා උදේට කාලද ඉන්නේ, හවසට කොහෙද සෙට් වෙන්නේ? වගේ පොඩි පහේ කතාවක් කාරිය දාල අහක්ක වෙලාමල්ලිලා මේ මළ වින්ටර්එකේ
 සීතලේ ඉඳල නිකං නිස්කාරනේ ලෙඩ හදාගන්ඩ එපා. අපි ඇතුලට ගිහින් කතාකරමු කියල ඇතුලට එක්කගෙන ගොහින් හොයල බලල කොරන්ඩ ඕන දේවල් ටික කොරල දුන්න නං ඉවරයිනේ. මේ බෙල්ල අතගාන්ඩ යන්නේ නැතුව. බෙල්ල අතගාන්ඩ ඕනෙමනං එව්වට නියමිත තැන්  තියෙනවා.

එතකොට අම්බැසිය ඉස්සරහා නිදහස් දිනේට නාට්ටිය සංදර්ශනයක් තියන්ඩ කස්ටියක් රියසල් කොරනවා කියල පොලිසියෙන් කලින්ම කිව්වනේ. අන්න ඒකට සෝක් එකට ලෑස්ති වෙන්ඩ තිබ්බනේ. අපේ අර නේවි ලොක්කෙක් හිටියේ නැවෙන් බැහැල එකසිය ගානට වටේටම නෙලපු. අන්න එයාට චීප් ගෙස්  විදියට එන්ඩ කිව්වනං සී රිග් සූට් දෙහෙකුත් අරගෙන හිටං (දෙවෙනි එක ටිකක් පොඩි සයිස් එකක් අර බ්‍රිගේඩියර් කොලුවට) වැඩේ ගොඩ. රූම් නම්බර් වන් එකට දානවා නේවි ලොක්ක නම්බර් ටූ එකේ බෙල්ල අතගාන ලොක්ක. හරිනේ වැඩේ. ඒටික හරි. එතකොට අර බිස්කට් කකා තේ පැන්ටා බිබී ඉන්න කෂ්ටියගෙන් මොනවාද පස්න කියල අහල කොලේක එහෙම ලියාගෙන තම්බි ඔයා රූම් නම්බර් වන් එකට ඔයා ටූ එකට කියල යැව්වම සී රිග් කාරයෝ දෙන්නා වනක්කම් තම්බි කියල පිලි අරගෙන අවශ්‍යදේ කොරල දේවි. දොර ඇරුනාම ඔව් මැඩම් මං තමයි හාව කියල ඇම්බැසඩර් නෝනටත් තැන්කිව් කියල යන්ඩ යාවි. පස්නේ ඉවරයි ආයේ හයිඩ් පාක් එන්ඩ ඕනේ නැහැ. අපේ ජාතියේ නායකයෝ පරණ පොලිස්පතිලා අරගොල්ලෝ මෙගොල්ලොගේ පස්න විසඳුවේ, කල් නොඇර එවෙලේම සෙනිකවම විසඳුවේ ඔන්න ඔය විධියට. මතක නැද්ද? කෝ ඉගෙනගෙන නෑ නේ. ඉතින් මැටි කියන්නේ ඩිප්ලො-මැටි ම තමයි. දන්නේ නැත්තං දැන්වත්   කල්‍යාණමිත්‍ර සෑර්ලාගෙන්   ඉයන් සෑර්ලාගෙන් ඔව්ව ඉගෙනගන්ඩ.


 කතාව ඉවරයි.   දෙන්න හඬ මෙන්න ඉඩ!

එහෙනං පිට්නේ..ඔබට ගුඩ් මෝනිං එකක්ම වේවා!

12 comments:

  1. //හයිඩ් පාක් ගාඩන් එකේ නුවර පෙරහැර යනවා වගේනේ අර තුන් දෙනා ඉන්නේ. අම්මප එම්බසියේ වැඩ නැද්ද? //

    මටත් මුලින්ම හිතුනේ මුං ස්මෝක් එකකට එලියට ගියවෙලාවෙ අහුවුනාවත්ද කියලා. නැත්නම් කවුද කොටි උද්ගෝසකයන්ට ඕඩියන්ස් එකක් දීලා උන්ව අප් කරන්නෙ කියලා. ලන්කාවෙත් ඔය හැම එකකටම වගේ ආණ්ඩුවෙ ඔෆිස් එකක් ඉස්සරහ උද්ගෝසන කරනවනෙ එතකොට නිලධාරීන් එලියට එන්නේ නැතුව බැරිම වුනාම. උද්ගෝසකයන්ට අවාසිම දේ තමයි ප්‍රචාරය අඩුවීම. ඩිප්ලොමැට්ලා දන්නෙ නැතුව ඇති ඒක. එහෙම නැත්නම් ඇලර්ජි එකක් නිසාද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. දැන් බලන්ඩ Pra Jay සෑර්, මේක අර පරණ .කතාවට කොච්චර ගැලපෙනවද කියල.
      මතකනේ අර ගිරා පැටවු දෙන්නගේ කතාව. මේවට යවනකොට මාසයක් දෙකක් තාපසයො ඉන්න තැනක තියල යවන්ඩ ඕනේ.
      එතකොට අර කෂ්ටිය කොඩි වන වන කෑ ගහනකොට 'පින්වත ඔබ ඇයි කේන්තියෙන් සක්මන් කරන්නේ' වගේ කියල ඈ... උගන්වන්ඩ එපායැ.
      ජයවේවා!

      Delete
  2. හා..හා.. කට.. කට.. මං කියුව නේද ඕවා පෙසිද්දියේ කතා කරන්නේ නෑ කියල.. :D

    අනේ අම්මාපල්ලා බ්‍රිගේඩියර් සිරිසඟබෝ ඇරෙන්න අනිත් උන් නම් හයිඩ් පාක් එකේ නුවර පෙරහැර බලනවා වගේ තමයි බලන්නේ.. මුන්ට ඩිප්ලෝ-මැටි ස්ටේටස් දීල පෙරහැරවල් බලන්න ලන්ඩන් ම යවනවා නේ අම්මප..

    ReplyDelete
    Replies
    1. හරිනේ කල්‍යාණමිත්‍ර සෑර්, බ්‍රිගේඩියර් නියමෙට 'follow the leader' අන්දමට වැඩේ කොරල තියෙනවා.
      දැන් මොකක්ද අපේ සරල ලොක්ක රටට උගන්නන්නේ? කඩු අරගෙන, මඩු වල්ග අරගෙන ඈ... තව අපායේ දාල...
      ඉතින් මේ හාදයත් කොරල තියෙන්නේ අර ලොක්ක කිව්වා විදියට කඩුව අරගෙන කොරන එකනේ, ඇයි කඩුවෙන් කොස් කොටන්ඩෑ කියල කතාවක් තියෙනවනේ. බොරුද මං කියන්නේ. බෙල්ලටම කෙලින්ඩ ඕනේ. ඕ යේස්.
      ජයවේවා!

      Delete
  3. හෙහ්..හෙහ්...නියම ලිවිල්ල බං හැට්ටරයො...:)

    /දොර ඇරුනාම ඔව් මැඩම් මං තමයි හාව කියල ඇම්බැසඩර් නෝනටත් තැන්කිව් කියල යන්ඩ යාවි. පස්නේ ඉවරයි ආයේ හයිඩ් පාක් එන්ඩ ඕනේ නැහැ. අපේ ජාතියේ නායකයෝ පරණ පොලිස්පතිලා අරගොල්ලෝ මෙගොල්ලොගේ පස්න විසඳුවේ, කල් නොඇර එවෙලේම සෙනිකවම විසඳුවේ ඔන්න ඔය විධියට. මතක නැද්ද? කෝ ඉගෙනගෙන නෑ නේ./

    +++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. රවී සෑර්, ඉතින් ලොකු සෑර් කියන විධියට 'අන්න ඒක තමා පුතා අවයවය'.

      කෝ ඉතින් මේ බ්‍රිගේඩියර්ට කලබොලේනේ. සිංහල අවුරුද්දට මාස දෙකක් තියා නාන්ඩ යනවනේ.
      ඔව්ව මේ නැකතට කොරන්ඩ ඕනේ වැඩ. නැද්ද සෑර්.
      ජයවේවා!

      Delete
  4. හැට්ටර්ට් විට්ටර් ට කියන්න කොහෙන්දෝ ආවා මායාවලට ඉල්ලල පැටලෙන්න අපේ සමාජය මොකක්දෝ රෝගයක් වැලඳගෙන මෙයා. රීසනබල් ඩිස්කසන් එකකට යන්නම බෑ ගුටි කන්න වෙන සයිස්. ඒ මදිවට මේ ඊයේ පෙරේද ඉපදිච්ච ෆේස්බුක් එකෙන් මුළු ලෝකෙම දකින උන්ට ගහන්න අර හැටපැහිච්ච ලොම් හැලිච්ච අපේ වගෙ කතා නිකම් තුට්ටුවක් වගේ කියලා.

    අපි නිදහස සමරන්න නිදහස අරගන්නවා. හැබැයි තව කෙනෙකුගේ නිදහසට බාධා කරලා. ඊට පස්සෙ අපි අහනවා ආ ඒ රටේ උන්ට තියෙන මොකද්ද මැදිහත් වෙන්න කියලා. අපිට අමතකයි අපිටත් ඕනේ විදියට හැසිරෙන්න උන් නිදහස දීලා කියලා.
    බ්‍රිගේඩියර් කේස් එක නම් සිම්ප්ලි ඔහු නොකර ඉන්න තිබුන දෙයක්. අර කිව්වත් වගේ සිංහල බුද්ධාගමේ දෙමළ කියලා නෑ කොයි එකත් දඟලන්නේ අසිලම් හරි මොනම හරි වීස එකක් හදාගන්න. කතා ඕනෙ නම් කොයිතරම් කතා අපි ළඟ තියෙනවද ඇත්ත රැකියා ජීවිතෙ කතා. ඒත් අපි එහෙම ඒවා කියලා අර මොකද්ද එකේ අභිමානයට හානි කරන්න එහෙම නැත්නම් හපන චුවින්ගම් එකට ගේම දෙන්න එන්නේ නෑ. කටයි *කයි වහන් නොදන්නවා වගේ ඉන්නවා. මේකෙන් වුනේ ඉගිල්ලෙන මාළුවන්ට පියාපත් දුන්න එක විතරයි.

    ReplyDelete
    Replies
    1. බබේට කියන්ඩ අපේ අය බොහෝම ලොකු වැඩ කොරනවා.
      හැබැයි වැඩි කොරන්නේ ලවය ඒ කිව්වේ සිංහලෙන් අර ඩිනෝමිනේටර් කියල කියන්නේ.
      එතකොට ගණන් සාස්තරේ තියෙන විධියට බැලුවම වැඩේ අවසාන උත්තරේ අඩුවෙලා.
      ඔලුවෙන් හිටගෙනවත් බලන්ඩ ඕනේ අනිත් දවසේ.
      ජයවේවා!

      Delete
  5. Replies
    1. සන්තෝසයි සෑර් මේ පැත්තේ ආවට.
      අපිත් ඉතින් ලාවට සුළු කර්මාන්තයක් කොරගෙන ඉන්නවා.

      Delete