Wednesday, January 10, 2018

කමියගේ තේ කඩේ - කිරි තේ, green tea, black tea and සේෆ් ටී

 කල්‍යාණ මිත්‍ර සෑර් අපට නොයෙක් දේ කියාදෙනවා, මතක්කොරලා දෙනවා, අනතුරු අඟවනවා. ගුරු හරුකම් දෙනවා. වතුර පයිප්ප හයි කොරනවා. ඇයි එයා මයිල් සම්මාන උස්සව, එව්වා එහෙම ලේසියෙන් අමතක වෙනවද?

හෝව්, හෝව්, පනිනවනේ. පොඩ්ඩක් ඉන්ඩ, පොඩ්ඩක් ඉන්ඩ, ප්‍රශ්න අහන්ඩ වෙනම කාලයක් දෙනවා.

කිව්වාම ඉන්න්..ඩකෝ ඉවසලා, මොකක්ද අර කිව්වේ?  කසනවට? නෑ සෑර්, කල්‍යාණ මිත්‍ර සෑර් අර යස අගේට ඉන්නේ.
කසනවට නෙවෙයි සෑර් එව්වා කොරන්නේ මේ අපිව බේරගන්ඩ තියෙන උවමනාවට. යහපත් චේතනාවෙන්.

ඒ කියන්නේ, ඔය සේෆ් ටී එක බොන්නේ නැතුව සිංහල ජාතිය වඳවෙලා ගියොත් කවුද කල්‍යාණ මිත්‍ර සෑර් ලියන කවි සොරි වෙන්ඩ ඕනේ මේ මේ  අපි ලියන බ්ලොග් බලන්ඩ ඉන්නේ. ඔටුවොද? නෑ නේ.

 තට්ටයගේ කොළමේ සෑර්, ඇයි ටැපික් පොලෝසියේ ඉයන්  සෑර් .. එතුමන්ලා හැමෝම මේ වැඩේට සම්මාදන් වෙනවා නොයෙක් නොයෙක් ක්‍රම වලින්.

මටත් මතක් වුනේ සුද්දෙක් මට කියා දීපු උපදේසයක්, ඔය සේෆ් ටී සම්බන්දයෙන්.

ඕං ඉතින් දවසක් හැට්ටර් කැඩිච්චි මැසිමක් (මොනවාද කියන්නේ අටං සෑර් නං දන්නවා ඔව්ව වල වැඩ කෑල්ල පරතෙරටම) රෙපයාර් කොරන්ඩ පටන් ගත්තා. ජෙෆ් සුද්ද එහා පැත්තේ වැඩ.
සුද්ද කෑ ගහල අහනවා ඒයි හැට්ටර් උඹ මැරෙන්නද යන්නේ යකෝ, ඔතන වෝල්ට් ලස්සයක් දෙකක් (100-200kV) තියෙනවා, සෙල්ලන්කොරන්ඩ එන්ඩ එපා. තොපි ලංකාවේ ටී හැදුවට සේෆ් ටී කියන නාමයක් ඉගෙනගෙන නැහැ කියල. මල කියන්නේ සුද්දට ටියුලිප් මල. හොඳම එක, ඔරිජිනල් ඕලන්ද මල ඈ . දම්පාට තිත් තිත්. මෙහෙ වරෙන් මෙන්න මේක ඉගෙන ගනිං
තව තව එව්වා කිව්වා, ඉංගිරිසියෙන් කිව්වා ඒවා ටී වී එකේ දැම්ම නං යන්නේ beep beep beeeeep beep යනාදී වශයෙන් විනාඩි පහක් දහයක් විතරම. එක දිගටම වැල නොකැඩි.

කොරන්ඩ ගිය වැඩේ නවත්තල හැට්ටර් ගොහින් වාඩි උනා. ජෙෆ් සුද්දත් ආවා.

සුද්ද කියනවා වැඩක් කොරන්ඩ පටං ගන්ඩ කලිං ලොටෝ කොරන්ඩ ඉගෙන ගනින් කියල. කවුරු දන්න ලොටෝද බං සෑර්. අපි දන්නේ ලොටෝ ලොතරැයියනේ, නැද්ද මං කියන්නේ.   
මං සේප් එකේ සුද්දාගෙන් ඇහුව මොකද්ද ජෙෆ් ලොටෝ කියන්නේ කියල, ඌට තේරුංගියා හැට්ටර් මෙව්වා ගැන කිසි අල බෝලයක් (හින්දි වලින් කියනවනං භෝලයක්) දන්නේ නැහැ කියල.

දැන් සුද්ද ඉංගිරිසියෙන් කියනවා හැට්ටර් සිංහලෙන් කොලේක ලියා ගන්නවා.

යකෝ ලොටෝ කියන්නේ ලොකවුට් ටැගවුට් ඕක නොකලොත් උඹ නොකවුට් වෙන්ඩ තියෙන චෑන්ස් එක බෝම වැඩියි කියල.

LOTO – Lock Out Tag Out : පිස්සු හැදිලා හොඳ වෙලා ආයේ හැදෙනවා.

මැසිමක් රෙපයාර් කොරන්ඩ හරි නඩත්තු (උසාවියෙන් පණවන එව්වා නෙවේ PM -preventative maintenance) කටයුතු, සේවා (service) කොරන්ඩ කලිං ඒකෙ ගබඩා වෙලා තියෙන සක්තිය මුදා හරින්නට සිංහලෙන් කියනවා නං රිලීස් කොරන්නට ඕනේ කියලා තමා මුලින්ම කියල දුන්නේ. ඉන් පස්සේ සක්ති ප්‍රභවය අයිසොලේට් කොරන්ඩ ඕනේ. ඔය සක්තිය කීප ආකාරයකින් ගබඩා වෙලා තියෙන්නට ඇහැකියි, ඒ කිව්වේ, විදුලි (electrical), යාන්ත්‍රික (mechanical), රසායනික (chemical) , තව තියෙනවා gravitational, pneumatic, hydraulic ආදී නොයෙක් නොයෙක් ආකාර වලින්.

සාමාන්‍යයෙන් ඔය ගබඩා වෙලා තියෙන සක්තිය රිලීස් කිරීමේ ක්‍රම යන්තරයේම අඩංගු වෙලා තියෙනවා නමුත් මැසිම කැඩිලා නං මුදා හැරීමේ කෑල්ල හරියාකාරව වැඩ නොකරන්ඩ තියෙන චෑන්ස් එක බෝම වැඩියි. එහෙම උනාම අත තිබ්බොත් ගෝරි ගොඩයි නෑ නෑ බ..ඩු..ම තමයි. හරිය.

ලොටෝ ඉස්ටෝරි බොහොම දිග කතා, පුල් ඉලාස්ටික්.

කෝක කොහොම උනත් ඔව්ව නෙවෙයි වැඩ -මගේ යාළුවා ක්ලවුස්, අන්න කොල්ලෝ!,  දුන්න ගේම  මෙතනින් බලාගන්ඩ ඇහැකි කැමති කෙනෙකුට.

එහෙනං පිට්නේ.. ගුඩ් මෝනිං එකක් වේවා ඔබ සැමටම.

(මතක ඇතුව ලොටෝ ක්‍රීඩා කොරන්ඩ. හොරා වගේ හිටියට කල්‍යාණ මිත්‍ර සෑර් ඔව්ව හොඳට දන්නවා. පස්සේ වෙලාවක අර 'බස් කතා' එහෙම ලියල අහවර උන කාලෙක ලියයි මගේ හිතේ.)

28 comments:

  1. හම්මට.. උඹ එළ කොල්ලෙක් නේ.. ඕක මචං LOTO (Lock out/ Tag out) නැත්නම් Isolation & Lockout කියල දෙවිදියටම හඳුනවනවා.. ඕක විශේෂයෙන්ම Manufacturing Sector එකේ ප්‍රැක්ටිස් කරන්නම ඕනි safety procedure එකක්.. අනිත් ෆීල්ඩ් වලත් machinery එක්ක වැඩ කරද්දී කරන්නම ඕනි. ඕකට වෙනම ක්‍රමවේදයක් හඳුන්වල දීල අවශ්‍ය අයට ඒ ට්‍රේනින් එක දීල යතුරු/ ටැග් දීල තියෙන්නේ.. කෙටියෙන්ම කියුවොත් උඹ ඔය උඩින් කියල තියෙන ඕනෙම energy source එකකින් ක්‍රියාත්මක වෙන මැෂින් එකක් commision කරද්දී, repair කරද්දී, maintenance කරද්දී හෝ replace කරද්දී ඒ මැෂින් එකේ ගබඩා කරලා තියෙන සියලුම ශක්තිය මුදා හැරල ඒකට සම්බන්ද වෙන සියලුම energy sources සම්පුර්ණයෙන්ම isolate කරලා ඒවා නැවත අනවසරයෙන් ක්‍රියාත්මක කල නොහැකි විදියට ලොක් කරලා ඊට වගකිවයුතු පුද්ගලයාගේ ටැග් එක එතන එල්ලන්න ඕනි. එහෙම උනාම ඒ යන්ත්‍රයේ අදාළ නඩත්තුව ඉවර වෙනකම් පිටස්තර පුද්ගලයෙකු අත්වැරදීමකින්, නොදැනුවත්කමින් හෝ හිතා මතා එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම වැළකෙනවා. යන්ත්‍රයක නඩත්තුවක් කරමින් ඉන්න අතරතුර ඒක ක්‍රියාත්මක උනොත් වෙන දේ කියන්න ඕනි නෑනේ.. මම දන්නේ නෑ මේකට ෆොටෝ වීඩියෝ එකතු කරන විදිය.. නැත්නම් හොඳට පැහැදිලිවෙන්න ඒ දේවල් එකතු කරන්න තිබ්බ..
    ස්තුතියි උඹට මේක ලියුවට. :)

    ReplyDelete
    Replies
    1. මේ ටික ලියුවේ උඹට නෙවෙයි.. මේ ගැන හසරක් නොදැන කියවන එකෙක් හිටියොත් ඌට තව ටිකක් පැහැදිලි වෙන්න කියල.. :)

      Delete
    2. තැන්කිව් වෙනවා සෑර්ගේ 'සංක්ෂිප්ත' එක්ස්ප්ලනේෂන් එකට.
      දැන් කවුද ඇහුවේ අර 'කසනවද?' කියල.
      වැඩේ හරියට දන්න එකාට වෙන එකෙක් බාගෙට කියනකොට කසනවා තමයි. නැද්ද කල්‍යාණ සෑර්.
      තව මොනවා හරි කොරමු පුළු පුළුවන් විධියට.
      එකෙක් හරි අනතුරකින් බේරුනොත් මදෑ. නැද්ද මං කියන්නේ.

      Delete
    3. කමියා සිංග්ලිෂ් වලින්ම දීල තියෙන්නේ. එල ලිපියක් හැට්ටර් මල්ලි

      Delete
    4. ඇත්තටම සෑර් ඔහෙට කියන්ඩ ඔය සිංග්ලිෂ් කෙරුවාව බොහොම හොඳයි.
      දැන් බලන්ඩ සෑර් හෙළුවෙන් කියන ආකාරයට 'විලායකය පිලිස්සී ඇත' කියල ඉගෙනගෙන අඩුගානේ ඉන්දියාවටවත් ගොහින් තව එකෙක්ට තේරෙන්ඩ කියන්ඩ ඇහැක්ද ?. පියුස් ගෝන් හරි පියුස් බර්න් කියල යන්තමින් හරි ගැට ගහ ගත්තොත් මහාරාෂ්ටෙත් පොඩ්ඩක් ශේප් එකේ ඉන්ඩ ඇහැක් නේද. නැද්ද මන් කියන්නේ.
      ජයවේවා!

      Delete
    5. බලාගෙන ගියහම ඒක ඇත්ත විට්ටර් මල්ලි. ඉන්දියාවේ වගේ ඉංග්‍රීසි අධ්‍යාපනය මුල ඉඳන්ම නොදීමේ වරද. දැන් නම් භාෂා තුනෙන්ම අධ්‍යාපනය ලැබෙනවා නේද

      Delete
  2. කමියගෙ කඩේ බඩු සේෆ් ද?

    ReplyDelete
    Replies
    1. මොනවාද Pra Jay සෑර් කියන්නේ. කටු නෑ නියම රාත්තල!

      Delete
  3. ඇයි ටැපික් පොලෝසියේ ඉයන් සෑර් ..

    අම්මට හුඩු!!!! හැබැටම මු කොච්චියෙක්ද එකයි මු ඇනොලගේ සාමදානේ සැතපෙන අම්මලට x.කන්න ඇඩ්වාන්ස් ජරාව ගන්නේ

    පෑන්සෝන් ගියත් ජරාව කන්න එක අතහැරලා නැ

    ReplyDelete
  4. හන්කවිස්යක් දන්නෙ නැහැ අයියන්ඩි උබ බ්ලොගක් ලියන්වා කියලා..නතන්ම් මිට කලින් මම මෙහෙ වල බැහැලා ..
    එල ද බ්‍රා
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
  5. මට බ්ලොග් එකක් අත්තෙත් නැහැ එහම එකෙ උබලා කියයි උබට මොන අයිතිවාසි කමක්ද මෙවට කතා කරන්න කියලා..එත් මට දනෙන දෙ ලියන්නම්..නොදන්න ඩෙයක් තියනවනම් කියලා ඩියන්කො.

    ඉයන් අජිත් අයියා සම්මන උඅල්ලෙක් කරපු එක එක මටනම් වැරදි නැහැ..අපි කරන දෙයකට පොඩි හරි අගය කිරිමක් කරන එක වැරදිද?
    අනිත් එක ඇයි උබලා කියන්නෙ ඉයන් බ්ලොග් පලනය කරන්න හදනවා කියලා මට කොතනකවත් එහම දෙයක් දැනිලා නැහැනෙ බන්...මට මග අරුනු තැනක් තියනවාද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රාම වේවා!

      මෙන්ඩ සෑර් මලේ, ඔව්ව සීරියස් ගනං ගන්නව හෙම නෙවෙයි ඕං.ඔන්න මුලින්ම කිව්වා.
      හැට්ටර් කාට හරි විහිළුවක් කොරල පොඩ්ඩක් හිනාවෙලා ඉන්ඩ කැමති අහිංසක මිනිහ නේ.
      (ඔය සුළු සුළු අරව මෙව්වා තිබුනට) මලේ ඔය සම්මාන වැඩේ කීප අතකින්ම හොඳ වැඩක්, මන් මේ කියන්නේ අතිං කයිට් කොරගෙන ඩේට වියදං කොරගෙන ගෑණිගෙන් බැනුං අහගෙන (ඇයි මලේ මෙව්වා ලියන්ඩ එහෙම නැත්තං කියවන්ඩ ගියහම අපේ සුද්දිගෙන් ගුටි නොකා බේරෙනවා මදෑ, ගෙදර තියෙන හට හුට හමාරකුත් කාලක් වැඩ මිස් උනාම), තව එක තැනක පුක තියාගෙන මෙව්වා ලියන එකම... අන්න එව්වට, අන්න එව්වට සම්මාන දෙන්ඩ ඕනේ මට හිතෙන හැටියට, හැබැයි ඉතින් පුල් හයි පයි එකේ නැතුව සෙරෙප්පු දෙකක් හෙම ගෙන කූල් එකේ යන්ඩ ඇහක් විධියට - ඒ මගේ විදිය. අර මං කලින් කිව්වා "ඔය සුළු සුළු අරව මෙව්වා" කෂ්ටියට ඇක්ස්පිරියෙන්ස් එනකොට එව්වා දිග ඇරිලා කෙලින් වෙලා එයි මලේ. එව්වා එහෙම තමයි.

      ඇයි මෙන්ඩ සෑර් මලේ, සමහර වෙලාවට කවුද අරක ලියන 'බුවා' එහෙම නැත්තන් අර ආතල් කොමෙන්ට් එකා දාපු 'ඩෑල් එක' කවුද කියල බලාගන්ඩ හිතිලා නැද්ද සෑර්ට? අන්න එකටත් හොඳ තැනක් නේ ඔය 'සම්මාන' ජොයින්ට්. නැද්ද මන් කියන්නේ. (මතකද උඹ හෙන කොමෙන්ට් වාදයක් ගියා කාලෙකට ඉස්සර, ගෑණු පරානයක් එක්කද කොහෙද - දක්කයින් දැක්කේ නෑ ඒ වගේ ක්ලැසික් වැඩක්, මතකද ?)

      අනික අපි ඕකේ මිස් කොරන ලොකුම කේස් එක තමයි 'කොට අදින අලි'න්ට මොකුත් දෙන්ඩ බැරි එක. එකත් හොඳට ඇඟට වදිනවා බං. අතිං පැස්ටෝල් ගහගෙන ඕවට දුවන එවුන්ට හුලං. ඔය වගේ එව්වවල ලෝඩ් එක ඇදල තියෙන නිසා මෙන්ඩ සෑර් මලේ හැට්ටර් ඕකේ දෙපැත්තම දන්නවා.

      අනේ මලේ, ඔය ඉයන්ට විහිලුවටනේ බං ඔව්ව කියන්නේ. උඹම දන්නවා ඇතිනේ හොඳම යාලුවන්ටත් කතා කොරන බාසාව. ඉස්තරං සිංහලෙන් හොඳම නාමපද වලින් නේ කතාකොරන්නේ, නැද්ද මන් කියන්නේ. හරි එතකොට මෙන්ඩ සෑර් යාළුවන්ට කතා කොරන්නේ 'ඔයා කරුණාකර මෙතනට පැමිණෙන්න' කියල නෙවෙයිනේ. නැද්ද?

      මේ එව්වා වැඩක් නෑ. මං නං හිතාගෙන හිටියේ සෑර්ටත් අර 'මට මතක නැහැ නේ' ලෙඩේ හැදිලා කියල. අර කතාවක් ලියනවා කියල එහෙම තිබුනේ. කාලෙකට ඉස්සර.

      අම්මට සිරි මෙන්ඩ සෑර් මලේ, සෑර්ගේ රිප්ලයි එක පෝස්ට් එකක් තරං උනානේ බලාගෙන යනකොට.

      ජයවේවා!, පස්සේ හමු වෙමු.
      take it easy බ්‍රෝ.
      Have a nice weekend!

      Delete
  6. හැට්ටර් ද එල්ඩර් බ්‍රදර්! සෝක් පොස්ට් එකක්. සිරිකිත නැතිව කියවන්න පුළුවන් දී කිරි වගේ! ඔය නේවි සැර් ඉන්නව නේද? පරිස්සමින් වැඩිය තග දැම්මොත් මුහුද මැද්දෑවට එක්කරගෙන ගිහිං තෝව අතරමන් කරයි. ඒත් හරි සෝක් මනුස්පය. මම ඔය උළෙලවල් වලට විරුද්ද උනත් මම නොකරන දෙයක් නිසා අහක බලං ඉන්නව. ඉන්න ටික කාලෙ නිසා ලොවේ සැමා එකම දයේ දූ දරුවන් වේවා හිටං ඉන්නව.
    සී යූ ලෙටර්.
    හැව් අ නයිස් ඩේ ඇන්ඩ් ටේක් කෙයා හොඳේ.
    👊🏽

    ReplyDelete
    Replies
    1. නයිස් ටු සී යු ටික්ක බ්‍රෝ සෑර්,

      ඔව් ඔව් ඔය නේවි එකේ සී රිග් සෑර්ල ඉතින් දන්නවනේ, දැක්ක නේ කැමරා කාරයෙක්ට දුන්න ගේම.
      හැබැයි සෑර් කටට පන තිබ්බොත් කෑ ගහල ගෙන්නනවා දොඩන්දුවේ අපේ අනිත් කැප්ටන් සෑර්. ඕ යේස්. (හැබැයි උන් දෙන්නම එකතුවෙලා මාව මූදෙ දැම්මොත් ඉතින් බ..ඩූ .. ම තමයි)
      මේ පාර උත්සවේ කේස් එකෙං හොඳ විකට් තුනක් ගැලවිලා ගියා, බෝම හිතට අමාරුයි සෑර්. අරූ සෑර්, සාරස සෑර් සහ කෙන්කියුෂා අපේ ජපන් සෑර්.
      ඔය තුනේ තිබ්බේ අමුතුම යුනික්ම යුනික් ඉස්ටයිල් තුනක්. එව්වා තිබ්බ නං ඉතින් PPN (පවසලා පලක් නැහැ!)

      ටේක් කෙයා හොඳේ.

      Delete
  7. කමියගෙ සේෆ්ටි ගැන හොඳ සැටිෆිකේට් එකක් දීල තිබුනෙ මිනිහගෙ සයිට් එකේම බුවෙක්. මේ මනුස්සය තව ලැජ්ජ නැතුව ඒක ෆොටෝ ගහල බුකියෙත් දාල තිබුණ. හැක්..

    මොනව උනත් මේක ඔය එකේකේව කඩාල්ලන්න යන උංටනං වැදගත් ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. දැන් බලන්ඩ Praසන්ன සෑර්,
      අපි පොඩි කාලේ රතිඤ්ඤා පෙට්ටි ගත්තාම එකේ අච්චු ගහල තියෙන්නේ ' බිම තබා ගිනි දල්වා ඉවත්වෙන්න' කියලනේ. ජිවිතේට දැකල තියෙනවද හිච්චි එකෙක් වත් බිම තබා ගිනි දල්වා ඉවත්වෙනවා. අන්න එහෙම තමයි අපි හැදිලා තියෙන්නේ. උපන්ගෙයිචන්ඩි!
      බලමු එකෙක්වත් පරිස්සංවෙයිද කියලා.
      ටේක් කෙයා හොඳේ.

      Delete
  8. අඩේ හැට්ටර් මල්ලිත් බ්ලොගක් ලියලා නෙව අලුත් අවුරුද්දේ. අහන්නත් සතුටුයි. ලොවේ සැමා එකම දැයේ මොකක්ද එක වගේ මරු මරු...!

    ReplyDelete
    Replies
    1. මතක නැතෙයි මගේ ටැට්ටරේ අඹගහේ එල්ලුවා. ලේසි පාසු වැඩද එව්වා, ඈ. හැමෝම ඔය වගේ උදවු කොරන්නේ නෑ.
      සිංහලෙන් ටැංකිව් කියල මදි.
      ඔරිජිනල් ජපං විදියට අරිගතෝ ගොzසයිමස්!

      Delete
  9. මාත් ආව මේ හැට්ටර් කවුද බලන්න. ටට්ටරේකටත් සම්බන්ධයක් තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මිසී.
      ඔව් ඔව් ඉස්සර ටැට්ටරයක් එලෙව්වා දැන් පදින්නේ බහුදින යාත්‍රාවක්!

      Delete
  10. සතුටුයි... හැට්ටර්... දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. අරූ සෑර්ල එනවනං ඉතින් මොනා මොනා හරි අටමගලයක් ලියන්ඩම එපැයි. නැද්ද සෑර්.

      Delete
  11. ඔය සේෆ්ටි වලට ආසියාතිකයො කැමති නැත්තෙ,අපට ඔව්වා පුරුදු නැති නිසා. මාත් එක්ක වැඩ කරන පිල්ලොත් නාහෙන් අඬනවා, කොරියාවෙ තිබ්බ නෑ, පිලිපීනෙ නං කොහොමත්ම නෑ කියලා.

    මැද පෙරදිගත් ඔව්වා අවමයි. නාමිකව තියනවා ඇපෙන් බේරෙන්න. මම නං හැකි තරම් පිලිපදිනවා ඒකෙ අගේ දන්න නිසා.

    ReplyDelete
    Replies
    1. බකුසුහාමි සෑර් ඔහෙට කියන්ඩ, අපේ අය ඉතින් කොහොමත් උපන්ගෙයි චන්ඩි නොවැ.
      loto මක්කටෙයි සංවර්දනේ හීරුවම ඇති නොවැ.
      සේප්ටි සෙකන්ඩ් - ඇයි දෙකම සයන්නෙන් නේ පටන් ගන්නේ.

      Delete