Friday, December 15, 2017

තවමත් අවුල්, නමුත් මම නැවත ආරම්භ කරන්නම් (I still messed up but I'll start again)

ගුඩ්ම ගුඩ් මෝනිං එකක් වේවා!  ,

අන්තිම පොස්ට් එක ලියල අවුරුද්දක්ම ගියා. දැන් අලුත් අවුරුද්දකුත් ලඟම එනවා. ඒ අතරතුරේ ලෝකේ හොඳටම වෙනස් වෙලා. හැබැයි තාම කරකැවෙනවා.

කියන්ඩ ලැජ්ජ නෑ මහත්වරුනි හැට්ටර් හිරේ ගියා. නිකන් නෙවේ සල්ලිත් දීලා. කෝමද ආතල් එක. වෙලාවක් ආවම කියමු විස්තරේ.

මේ වැදගත් සිංහල බ්ලොග් ලියන්නං අතරේ, ඒ කියන්නේ, හරියටම කියනවනං, බහුතරයක් වන , රට රටවල සංචාරය කොරපු, රට රාජ්ජවල ගිහිං ලොකු උපාදි අරගත්තු (එක්කෙනෙක් කියනවා ඒවා පස්තාච්චි කියල නමුත් ඔය ලොකු සෑර්ල මිසීලා ඔව්ව ගණන් ගන්නවා හෙම නෙවේ), කැම්පස් විද්‍යාල වල කට්ට කාපු (ඒගොල්ලෝ එහෙම කිව්වට මේ හැට්ටර්නං කියන්නේ තෘතීයික අධ්‍යාපනය ලබපු, ඔව්ව ගරුකටයුතු වැඩ නැද්ද මං කියන්නේ), එතනිං ගියාම, කොම්පියුටර් අංශයේ ඉහලටම ගිය , ආ... තව, අමතක කොරන්ඩ හොඳ නැහැ මිල්ටේරිවල තරු ඔටුණු , පටි ගහපු, රණවිරු (අර සී රිග් කොට කලිසං ගහල කොල්ලන්ට නෙලපු හාදයෝ වගේ නෙවේ හොඳ වැදගත් මාත්තුරු) සහ එකී නොකී බ්ලොග් කරුවන් අතරේ දෙකයි පනහේ ටැට්ටර් කාරයෙක් ඇට අස්සේ පනුවෝ දාන්ඩ යන්නේ අහවල් එහෙකටදැයි කියල හිතුනු වාර බොහොමයි මාත්තුරුනි. හැමෝම බුදු උනොත් දානයක් වත් දෙන්ඩ එකෙක් ඉතුරුවෙන්නේ නෑ නේ පින්වතුනි. ඒ නිසා හැට්ටරුත් හිතුව තව ටිකක් එල්ලිලා ඉන්ඩ ට්‍රයක් දෙන්ඩ.

ලොකු සෑර්ලට මිසීලට කියන්ඩ.. ටැට්ටර් කෙළිය කරන්ඩත් ලේසි නැහැ - බැරිම තැන ඒක දීල දැම්ම.
හැට්ටර් ඉපදිලා තියෙන්නේ වයිමගෙ ඉට්ටැයික් එකක් තිබ්බ දවසකනේ,... ඉතින් හැට්ටර් එදා කරෙත් අද කරන්නෙත් හෙට කරන්නෙත් බැරි වැඩම තමා. යථාර්තය වගේ කළු සුදු ඒ කියන්නේ Black and White සිංහලෙන් කියනවනං 'බැරි වැඩ' අද සිට. 


මතකනේ කලින් කිව්ව හිරේ කේස් ඒක. කවුද සෑර්ල මිස්ටේක් නොකරන්නේ? අපි දෙය්යොද? 
මගේ මිත්‍රයෙක් හිටිය කාලෙකට උඩදී, එයා රිනුවර (ඒ කියන්නේ රියාද් නගරයේ - බ්ලොග් ඉට්ටැයිල් එකට දැන් ඔහොම තමයි පිටරට නගර වල නං ගං ලියන්නේ) පොඩි ටැපික් කේස් එකකට ඇතුලට දාල තිබිල තියෙනවා, මේ... දඩේ ගෙවනකං විතරයි, දවසක් වත් නැහැ - උගේ යාලුවෝ(?) එසැනින් මෑන්ගේ නම වෙනස් කරලා, H G කුරේ කියල. ඔන්න ඔහොමයි ලොකු සෑර්ල අපේ අයගේ වැඩ කටයුතු. කියන්නේ නං සිරකරුවාත් මනුෂ්ශයෙකි කියලා, මේකා හිරෙත් නෙවේ හිටියේ පොලිස් කුඩුවේ. පොඩ්ඩක් කියන්නේ දශමෙකින් කාලක් තිබුනත් ඇති පදයක් හදන්ඩ. 

ගියදේ  ගියාවේ. .ඔව්ව අල්ලලා දාල පොඩි ෆන් එකක් ගමු.

Have fun!. Try everything (make sure it is legal !!)

13 comments:

  1. ලියපන්.....උඹ ලියන්න ඕන එකෙක්. උඹ ගාව තියෙනවා --දාහක් දේ තිබේ කීමට මක්ක කරන්නද....මේ සින්දුව අහපන්....මේක ලස්සනයි.
    https://www.youtube.com/watch?v=Per9W_kMU-I

    නැටුම් අමතක කරලා සින්දුව අහපන්.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අරූ සෑර්.

      ඒ සින්දුව මම ඇහුවේ අදයි. ඔව්ව අහන ක්‍රමේ මට අයිය කියල දීල තියෙනවා ඉස්සර. මල්ලි.. දාපන් තුවායක් TV එකේ මුණ වැහෙන්ඩම. මොකද, අමරදේව මාස්ටර් මින්දද හී සර කියල එක පාරටම ගැස්සෙනවා ගැස්සිල්ලක් බයේ බෑ මාස්ටර්ට මොකක්වත් ඇබැද්දියක් වත්ද කියල.
      සින්දුව එම් පී ත්‍රී එකට අරගෙන ද්‍රව්‍ය මි.ලී 100ක් 150ක් විතර එක්ක බලන්ඩ ඕනේ කෝමද කියලා.

      Delete
  2. ඊයේ රෑම මේකට කොමෙන්ට් එකක් දැම්ම.. පබ්ලිෂ් කරලා බලනකොට ඉන්ටර්නෙට් ඕෆ්වෙලා.. :/ මතක විදියට මෙහෙමයි ලියුවේ..

    //ආන්න ඒක හොඳ අදහසක්.. මං කියුවේ ආපහු ලියන එක.. මම සී රිග් එකක් ඇඳගෙන ඇවිත් ඉන්නම් උඹ මොනවා හරි වැරදි දෙයක් ලියුවොත් 'නෙලන්න'// :)))))

    ReplyDelete
    Replies
    1. Aye Aye, Sir.
      තැන්කිව් කල්‍යාණ සෑර්,

      ඇඩ්මිරල් අසෝක සිල්වා සෑර්ට ඕනේ උන විධියට හැට්ටර්වත් නා.හ. ගත්තනං මං දන්නවා ලොකු සෑර් මට 'නෙලීල්ල' කොහොම වෙතත්. ඩේවි ජෝන්ගේ ලොකරයේ සැඟවුණු .... හැට්ටර් සෑර් ගැන පොස්ට් එකක් නෙවේ පොඩි පහේ පිචැර් එකක් හදනවා. ඕ යේස්, නැද්ද මං කියන්නේ.

      Delete
  3. ලියහන්, ලියහන්, මේ දවස්වල කියවන්න දේවල් හරි අඩුයි...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා සෑර්, බොහෝත් ශුක්රියා,

      කතා නං එමටයි. බලමු හැට්ටර්ටවත් තේරුං ගන්ඩ ඇහැක් විධියට ලියාගන්ඩ ඇහැකිද කියලා.

      Delete
  4. කවුද දන්නේ අපි හිතුවේ විචාරකයා වගේ 3 මාසයක් වින්දොලා මැරිලා ගියා කියලා කමියා මල පොස්ට් එකක් දැම්මෙත් නෑ. බලාගෙන ගියාම පබසරාගේ දොස්තර මිනිහා වගේ උඹ මැරිලා නැනේ ආනේ හොඳා .....

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව ඇනෝ සෑර්, මේ හිටියා මේ නෑ.

      යාන්තං අවුරුද්ද යන්ඩ කලිං ආවා.පබසරාගේ දොස්තර මිනිහා ගැන නං දන්නේ නැහැ සෑර් දොස්තර පබසරාගේ (ex) මිනිහා නං ඉන්නේ ට්‍රම්ප් දේශේ.

      Delete
  5. //Have fun!. Try everything (make sure it is legal !!)//
    If illegal, don't get caught.
    If caught, escape.

    ReplyDelete
  6. තැන්කිව් කිව්වා Pra Jay සෑර්ටත්.
    If caught... මක්කයි කියන්නේ, හුරේ රන්, රන්, රන් and රනේෂ්!

    ReplyDelete
  7. හල්ලෝ හැට්ටර් අයියා...
    අයියා බජාර් එකේ නැති ටිකේ විට්ටර් අයියා වැඩ පෙන්නුවා. දැන් අපි බලාගෙන...බලාගෙන..බලා........ගෙන ඉන්නේ හැට්ටර් අයියගේ වැඩ බලන්ඩ. විට්ටර් අයියට නොදෙවෙනි ගේමක් ඕන හරී.......!
    ආයිබෝං කිව්වා එහෙනං... පස්සේ හම්බෙමුකෝ!!!

    ReplyDelete
  8. තැන්කිව් වේවා ලොකු මල්ලි සෑර්,
    අපේ විට්ටර් අයිය නං ඔය කෙහෙල් ගෙඩි කෑම වගේ වැඩවලට දක්ෂයෙක් නෙවේ, අහිංසක මිනිහ.
    බලමුකෝ මොනා හරි කොරන්ඩ දහාටේ වත්, හැට්ටර්ගේ ඉතින් බැරි වැඩනේ.

    ReplyDelete