Friday, September 27, 2019

රියදුරු පුහුණුව , at least how to park!

(තැන්කිව් වේවා පොටෝ එකට www.srilankatourdriverwithcar.com)

කතාව මෙහෙමයිනේ සෑර්.

දැන් ඔය රට රටවල නොයෙක් නොයෙක් බාසාවල ලියන කියන ඉට්ටයිල් වෙනස්නේ.
නාමපදේ මුලට ක්‍රියාපදේ මුලට, මැදට, අගට අරහෙම මෙහෙම.
ඊට අමතරව වචන ලියන, සද්ද කොරන විදියෙත් නොයෙක් නොයෙක් වෙනස්කං තියෙනවනේ.
දැන් බලන්ඩ දෙමළ බාෂාවෙන් ප, බ දෙකම ப එතකොට ක, ග, க
අමතක කොරන්ඩ හොඳ නැහැ අපේ සබාපති තුමාගෙ නයන්න  'ன ',  නයනුත් දෙක තුනක්ම තියෙනවනේ.

ඉංගිරිසියෙන් ලියපු husband, house එහෙම ප්‍රංස කාරයො කියවන්නෙ  අස්බන්ඩ්, අවුස් කියල

එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් තුමෙක් වුනු පීරු ජාතික Javier (Pérez de Cuéllar)ගේ නම කියන්නේ හවියේ කියලනේ.

අපේ ජයන්ත මහත්තය ඒ කාලේ ලංසි කොම්පැනියක් එක්කල ගනුදෙනු කළා. ඒකෙ යොහාන්  (Johan) අපේ මහත්තයට යයන්ත කියල කතා කොරනවා එතකොට ජයන්ත මහත්තය එයාට කතා කොරන්නේ ජොහාන් කියල. තව ඉතින් Yudy ල Yasmin ලට ආමන්ත්‍රණය කොරන කොටත් ටිකක් පරිස්සං වෙන්ඩ වෙනවා.

එංගලන්තේ සුද්දෝ house හවුස් වෙනකොට hour අවර්, our කියන්නෙත් අවර්. කාටද කියන්නේ ඉතිං

එතකොට අරාබි රටවල ලියන්නේ බෙන් වලින් බෙන්සිල් වලින් බොන්නේ බෙබ්සි, කාර් එක බොන්ටියැක්‌, b, p දෙකම එකයි. Pontiac ඇමරිකන් කාරයන්ට පොනියැක්, ඒ තව කෂ්ටියක්, වචනේ මැද්දට 't' අකුරක් ආවම ඒක ඒ ගොල්ලොන්ට සද්ද වෙන්නේ නැහැ, සොෆ්වෙයා, නෙව්වර්ක් ..

හැබැයි පස්නේ උනේ අපේ කේරළ ප්‍රෙන් ඩ්‍රයිවින් ලයිසන්  ගන්ඩ ගිය වෙලේ තමයි.




ජයවේවා!

මේ ඒක නෙවේ, හබීබි, ඈස බ්‍රදර් අයි ඇම් ආස්කිං යූ, ඩූ යූ නෝ හවු ටු බාර්ක්?


4 comments:

  1. ඉංග්‍රීසියෙනං වෙනස් අකුරු තියෙන වචන එක විදියට සද්දවෙන විදියට හදන්න සුද්දට පිස්සුවක් තිබුණදමන්ද.

    ReplyDelete
  2. https://en.wikipedia.org/wiki/H-dropping

    ReplyDelete
  3. before time my wife donno how to bark.. but now she bark double triple time better than me.. wherever we go.. only she bark.. I just keep quite..

    ReplyDelete
  4. අපේ හැට්ටර් මලයටත් කල්පනා වෙන දේවල් අම්මපා ....

    සුද්දා වද්දා කාලේ අපේ අය කළු ගල් පියලි වල අකුරු ලිව්වා නොවැ . වැඩේ කියන්නේ මලයා එහෙම අපේ උන් දැන් ඉංගිරිසිය ඉස්සරහ නැවෙනවා නේ .හැමෝම නෙවෙයි හැබැයි .

    ඔය ඉංගිරිසිය ජාත්‍යන්තර භාසාව උනේ ඔය උන්දෑල ලෝකෙම අල්ලගන එක කාලෙක මාන බැලුව හින්දා කියල තමයි මට හිතෙන්නේ .

    දැන් ඉතිං මක් කොරන්නයි . අපි හැමෝටම පිළිගන්න වෙනවා නේ උන් ගේ බසාව .

    ජයවේවා මළයා !

    ReplyDelete