Thursday, November 8, 2018

මාතර ගුරුකං

ඉස්සර තිබ්බේ අති ප්‍රබල මාතර ගුරුකං කියල හැබැයි දැං බලාගෙනයනකොට රජරට ගුරුකංනෙ ගුරුකං!

ගුඩ් මෝනිං එකක් වේවා!

ඇත්තම කියනවනං හැට්ටර් ඉපදුනේ සිරි ලංකාවේ නෙවෙයිනේ හිරු නොබසින අධිරාජ්‍යයේ එළිසබෙත් මහා රාජිණියට යටත්ව තිබුණු දේශයක් උනු 'සිලෝන්' කියන දූපතේ නේ. ඉතින් හැට්ටර් ඔය නවීන, මොඩන් ඉට්ටැයිල්, ඩීල්, ගේම් අරව මෙව්වා දන්නේ නැහැ ඇති පදං ගුරුකං ගැන නං අහල තියෙනවා.

දැන් බලන්ඩකො අපේ මැතිඳු ගුරුකමක් කොරල අර පැත්තකට වෙලා තමංගේ පාඩුවේ හිටිය මෛන්දසෑර්ට කළවැඩේ. වනේවනහතුරෙකුටවත් ඔය වාගේ වැඩක් කොරනවද මං අහන්නේ.

ඕ කේ, ඕ කේ, අගමැති සෑර්ල දෙන්නෙක්ම ඕනේ කියමුකෝ මේ මුතු ඇටේ බලාකියාගෙන හිටින්ඩ, එක්කෙනෙක්ට තනියම ඕක මේච්චල් කොරන්ඩ අමාරුත් ඇතිනේ, නැද්ද? ඉතිං ඕකට මෛන්දසෑර්වම ගාවගන්ඩඕනෙද? නෑ  නේ නේද. ඊට වැඩිය සුදුසු හරියටම කියනවනං ඉතා සුදුසු අය ඉන්නවනේ අහල පහල. සුවර් කවුරුවත් නැත්තං මංකියන්නේ අඩුමගානේ මේ හැට්ටර්වගේ එකෙක්ගෙන්වත් අහල බලන්ඩ එපායැ. බඩේ බත් වගේ දෙනවනේ ඇඩ්වයිසර් එක.

අවංකවම මගේ අදහස හැටියටනං ඔය වැඩේට දැනට සිරි ලංකාවේ ඉන්න හොඳම කොලිෆයිඩ් දෙන්න වෙනිංකවුරුවත්නෙවෙයි ඉතිං රොබිංතම්පො වගේඉන්න අපේ ගම්මංපිල MP, SD ,APM සෑර්තුමයි වීරවංස MP, SD ,APM සෑර්තුමයි තමයි. දීල බලන්ඩ ඇහැක්නං, එක්කෙනෙක් දෙයි දේශාභියෝගය සොරි මං කියන්න ගියේ දේශානුරාගය (රාගය කිව්වම නිකං පව් සිද්දවෙන තාලේ තේරුමක් එනවා වගේ නේ ) හරියට මෝසම් සුළං කාලෙට බංග්ලාදේසෙට එන නිවර්තන සුළි කුනාටු වගේ. බුහු හ හ හා... අනෙක්තුමා දෙයි කෝමද දන්නවද ජාත්‍යන්තරේ කොලේ ඉරාගෙන, ඇඟේ හලාගෙන, දන ගහගෙන එන විදියට. ඕ යේස්, ඩෙෆිනිට්ලි. You bet!

සෑර්ල මිසීල පොඩ්ඩක් මොලේ කල්පනා කොරල බලන්ඩ, අඩුම ගානේ වැඩබලන අතිරේක නියෝජ්‍ය රාජ්‍ය ඇමතිකමක්වත් නැතුව, අතිංසල්ලිවියදංකොරගෙන, තමංගේ වටිනාකාලය කාදමමින්, අධික කුසගින්නේ ඉඳගෙන (කාලයකෑවම බත්කන්ඩ බඩේඉඩනැහැ), ලංකාවේ සහ ලෝකයේ දැවෙන ප්‍රශ්න සුදෝ සුදු මන්ත්‍රී සූට් එකක් වගේ ඉතා පිරිසිදුව,  පැහැදිලිව, නිවැරදිව තමන්ගේ නැණ පමණින් තේරුංකොරල දෙන්නේ කවුද? වෙන කවුද මේ මහජනතාවට ඔය වගේ සේවයක්කොරනකෙනෙක් ලංකාවේ ඉන්නේ?, දෙවරක්පෙරුමද ? නෑ සෑර්රුනි මිසීවරුනි වන් ඇන් ඔන්ලි ගම්මංපිලසෑර්තුමා නෙවෙයිද? අන්න මොළ!, ? අන්න මොළ!, 
රනිල්සෑර්තුමාලගේ බොරු බයිලා විතරයි. කයිය පටින්. 
හැබැයි ගම්මංපිලසෑර්තුමා අපේ ජනපති තුමාට අස්සය කිව්ව එකට නං හැට්ටර් බොහොම අකමැතියි. එව්වා වැරදි වැඩ, වැරදි කතා. නායකයොන්ට ඔහොම කතා කොරන්ඩ නරකයි. අඩුම ගන්නේ දෙමව්පියොවත් ඕක කියල දීල නැද්ද මන්දා. 
ට්‍රෝජන් අස්සයා 'ර‍ට' අස්සයෙක් උනත් සතෙක්නෙ. 
චීයා.. ඔහොම කියන්ඩ හොඳ නැහැ.

අනික්තුමා, වීරවංසසෑර්තුමා, 
දැන් බලන්ඩ මේ ලෝකේ කාටද ඇහැකි, ඉතා ප්‍රභල රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ආණ්ඩු පවා වෙනස් කළැයි කියන, ලෝකේ බලගතුම ඔත්තු සේවයක් වන රෝ සංවිධානේ ඓඩෙන්ටිකාඩ් එකේ නොම්මරේ ඔත්තුකාරයටත් හොරා ලබාගෙන, ඒක ඩීක්‍රිප්ට් කොරල හිටං - ඒ කියන්නේ සංකේත මාර්ගයෙන් තිබෙන නොම්මරේ අඩංගු දේ මේ අපිට තේරෙන තාලෙන් සරළව (ඕ යේස් අර බෝල්පොයින්ට් පෑනෙංලිව්වා වගේ සරළව) තේරුං කොරල දෙන්ඩ ඇහැක් කාටද? ඕනේ නං අහන්ඩ ඒ ඔත්තුකාර නියෝජිතයා ඉන්න පාරේ තුන්වෙනි ගෙදර ඉන්න දෙවෙනි කොලුවා පහුගිය සතියේ බැන්ගලෝරයේ එම් ජී රෝඩ් එකේ  ‘pp’ තැන ‘n02’ කාමරයේ හමුවූ කෙනාගේ උපං ලපවල පිහිටීම?.නවලෝකෙන් උණු උණුවේ ගත්ත ඉස්කෑන් එකක් වගේ කියයි විස්තරේ. අන්න එව්වා තමයි මොළ. 

උන්නැහේ අගමැතිසෑර් කලොත් එහෙම අපිට වෙන මොකවත් ඕනේනැහැ MI5, MI6, CIA, FBI, DGSE, MOSSAD ආදී එකී නොකී එව්වවලිං අපේතුමාගෙන් ඇඩ්වයිස් ගන්ඩ එන සුද්දන්ට සත පනහේ රටකජු පැකට් (අර අහස්යන්තරාවල දෙන තාලේ බලු කජු නෙවේ, ඔරිජිනල් (චීන රටේ)දේශීය නිෂ්පාදිත රටකජු ) විකුණලා එන ලාබෙං විතරක් බජට් එක බැලන්ස් කොරන්ඩ පුළුවන්. වීසා ගැහැව්වොත් එහෙම පිස්සු හොඳවෙලා ආයේ හැදෙනවා -ඩොලර් තිස්පහේ වීසා වලින් එන  සල්ලි වලින් චීනෙටත් ණය දෙන්ඩ ඇහැක්වෙයි එතකොට. ජපානෙ ඉඳල මූද උඩින් පාරක් දානවා කාර් ගේන්ඩ ලංකාවට. අපි ගනියි ටොයෝට. අහස්යන්තරාවේ ගේන්නේ ටෙස්ලා.

බලාගෙන යනකොට ජේ ආර් පප්පසෑරුත් අපිට කොලේ වහල නේ. ජේ ආර් උතුමාණෝසෑර්  කිව්වේ මට මේකෙන් කොරන්න බැරි මිනිහෙක් ගෑනියෙක් කොරන එකයි ගෑනියෙක් මිනිහෙක් කොරන එකයි විතරයි කියල. කොරන්ඩ පුළුවන් එව්වා කිව්වේ නෑ නේ. කැතයි පප්පසෑර්. බලාගෙන යනකොට ඒකෙන් මිනිහෙක් කෘමියෙක් කොරන්ඩත්, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවනං මිනිහෙක් සමනළයෙක් කොරන්ඩත් ඇහැක් විදියට ප්‍රතිපාදන තිබිල තියෙනවා. ඒ වගේම අපි නොදන්නවට එතුමාණන්ට ඔටෝමැටික් විධියට තමන්ගෙම වේසෙත් මාරු කොරගන්ඩත් ඇහැක්. කියවල බලන්ඩකො. 239.5 (∑2√-5 ) ට අනුව ඔය තියෙන්නේ බඩේ බත් වගේ. ගෙඩියටම. අර කජු කාපු වෙලාවෙත්… නෑ නෑ ඔව්ව අපිට ඕනැන්නේනෑ… පව් අප්පා. ඔය අහස්යන්තරාවල යන එන අය දන්නවා ඇති ලෙඩ්ඩුන්ට ලෙඩ කෑම. නිර්මාංශ අයට වෙජිටේරියන් කෑම. මස්ටේරියන්ලට ඒ ඒ විදියට. හාද? බොරුද?

ඉතින් ඒ විදියට 239.5 (∑2√-5 ) ට අනුව ඔටෝමැටික් විධියට සතාවුනාද නැත්තන් මෝදී මෙයා එම සතා කරලා එව්වද කවුද දන්නේ.

(ඔය මොන මොන කතා කිව්වත් මට නං අර  සාත්තරසුමණය තාම සැකයි. රත්තරං බෝලෙත් අතේ නැති වෙලේ සුමණය මෛන්දසෑර්ට මොන ගිනිගෙඩියක් දුන්නද කියල. මූට ගහන්ඩ ඕනේ මඩු වල්ගෙන් නෙවෙයි හරක් ∏යෙන්  අනේ මගේ කට )

දැන් මේක වැරදිලාවත් යායට නිර්දේශ උනොත් රෙෆරන්ස් දුන්නේ නැහැ කියල කියන නිසා:
MP - මං පොර
SD - සියල්ල දත්
AMP - ඇඟ පුරා මොළේ

Reference : විස්තර අල්ලපු ගෙදර ලින්ඩා ගෙන්

හරිනේ...  ශේප් නේ 
ජයවේවා!

Myself Hattor

5 comments:

  1. MP - මං පොර==== මුදල ගෙවා ලංකාවේ පුරවැසිකම ලබාගෙන ඔසිරටේ සිපිපියා නම කවුරුත්දන්නා රසික ලොජි කරන කෙනා

    SD - සියල්ල දත්=== වාසි පැත්තට කඩේ යන කියවන උන්ට පට්ට රැඩිකල්පරක් කියාලා කිව්වට ඇනෝ මොඩරේට් කරගෙන ඉන්න එව්ලේට පාට මාරු කරන කටුසු මාතලන් කියලා ලියන පොර

    AMP - ඇඟ පුරා මොළේ==== ලංකාවේ පළමු වුර්තිය බ්ලොග් ලියාන්නා කියලා ප්‍රසිද්ද වේදිකාවේ කියන W3ලංකා කියා ලියන දැක්කොත් බුවා නොදක්කොත් එබුවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ සෑර්, ඒ කතාවත් එහෙනං එහෙමයි ඈ.
      ඔය තුන් දෙනාම එකතුකොරලා තව අගමැතියෙක් හදමු. දෙක මොකෝ තුන මොකෝ වැඩියක් වෙන්නේ නෑනේ නැද්ද සෑර්.
      ජයවේවා!

      Delete
    2. Anonymous said...
      සිපිපියාව යෝජනා කලොත් ඕකා අනිවාර්යෙන්ම එනවාය ඉසිටෙජ් එකේ ප්‍රධාන අමුත්තාගෙන් තෑග්ග ගන්න කොට තමාගේ බිස්නස් කාඩ් එකක් ප්‍රධාන අමුත්තාට දීපු ලෝකේ පළමු සහ එකම පුද්ගලා මම කියා කැන්වයිස් කරන්න පුළුවන් ලංකාව වටේම.

      දෙබිඩඩේක් උනත් වාසියක් නම් අනිවාර්යෙන් ඔසී සේකොන්ඩ් ක්ලාස් සිටිසන් කම් අතහරි.
      [හිතාගෙන ඉන්නේ ෆස්ට් ක්ලාස් සිට්සන් නමුත් නමුත් ඔසී වන් නේෂන් පාටියේ එවුන් මුන්ට කියන්නේ ඕල් ඒෂියන් ගෝ බෑක් වෙයාර් ආයු කම්ෆ්‍රොම් කියලා කියපු විට කටයි පුකයි වහාගෙන කන්කද්ද්ගෙන බලාසිටි

      මාතලන් කියන දෙපිට කාට්ටුවා සැමදාම වාසිපැත්තට කඩේ ගොසින් චන්දයක දී ජේවීපි එකට මගේ චන්දය කියා බ්ලොග් කියවන අයව අන්දන පිටකොටුවේ නාටාමි වැඩකටවත් නොසුදුසු බ්ග්ලෝ ලොවේ කින් කියා නෙලුම්යයෙන් ලෙඉ ලිකෙලි උළලේන් ඔටුන්නක් දාගත් කටුස්සෙකි.

      W# ලංකා ලියන බුවා නැත්නම් එබුවා NGO නාටමියෙකි අනිව්වර්යෙන් රටේ පානයට සුදුසු එකෙකි පට්ට අම්බලන්ගොඩ පපට් කෙකෙකු කාර්ය ඉටුකරන්නෙකි

      බ්ලොග් ලියන මුන්තුන්දෙනාට සරිලන තවත් සෙට් එකක් ඇත ලෝටස් අජියා අටමා , කාමියා ඉයන් ඇතුළු නෙලුම්යයේ ක්‍රියා කාරී එවුන් ඇත උන් සියල්ලමට මැති ඇමති මණ්ඩලයට පත්කළ හැක

      උන්ගේ රියදුරන් වශයෙන් කොමන්ට් වලින් බ්ලොග් පුරවන ගොඩකෙවෙලා කොන්ක්‍රීට් සමනලයා බ්රෙසියර් ගොට්ට සයිස් එක හොයන එලද බ්‍රා මෙන්ඩිස් එවුන්ගේ එවුන් කලවානේ උගේ ආච්චිව විකුනන් කාපු එකා කුඩල්ලාද ගැලපෙ

      මිනීමරු විචාරක දියණිය තේ සෑදීම සඳහා පමණක් සුදුසුය උපාධියක් තිබුනි කියා එය "පිදුරංගල පුක" තරම් වත් වටින්නේ නැත ඇ එතරමට වත්
      හිට්වෙන්නේ නැත.

      Delete
  2. අස්සයො හොඳ සත්තු. ටැට්ටර් වගේ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අල කයිද ගෝවා කිව්වලු.
      ඔව්නේ සෑර්, ටැට්ටර් වගේද අස්සයෝ.
      මතකනේ කන්ථක අස්සයා එහෙම. අන්න වැදගත් සත්තු!.
      ජයවේවා

      Delete