Thursday, December 29, 2016

අරූ (සීයාගේ) සහ බාසියගේ අම් ... .. ....

අලුත් අවුරුද්දට ඔබ සැමට සුබ පැතුමක් දාන්ඩ හිතාගෙන හිටියත් ඒක සැනෙන් වෙනස් උනා. සොරි වෙන්ඩ ඕනේ, එකට තව අවුරුද්දක්ම තියෙනවනේ, හෙමින් දාමු. මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ 'වෙනස්වීම' පමනක්ලුනේ. නැද්ද මං කියන්නේ. බලන්ඩකෝ 2016ත් වෙනස්වෙන්ඩ බෝම ලඟයි
එමු ටොපික් එකට.
ඩ්රම් රෝල් ප්ලීස් ....

මෙන්න හැට්ටර්ගේ නව වසරේ සුබ පැතුම.

සාමාන්යයෙන් අප මව් වරුන් මතක් කරන්නේත් ඔවුන්ට හැම නියං කාලයකම වැසි ලැබෙන්ඩ ප්රාර්ථනය කරන්නෙත් වෙනත් අදහසකින්.

නමුත් අද, මේ හැට්ටර් සහ විට්ටර්, අරූගේ සහා බාසියාගේ මව් තුමිය ප්රමුඛ  සියලුම මව් තුමියන්ට මේ ලබන්නාවූ අලුත් අවුරුද්ද දුකින් තොර, හිතේ කරදර වලින් තොර, නිදුක්, නිරෝගී අවුරුද්දක් වේවා! යි හද පතුලෙන්ම,  කියන්නේ දකුණු කෝෂිකාවෙන්ම, ආශීර්වාද කරමු.

බාසියගේ කතා වලින් උගේ මව් උන්ව හදන්ඩ..., යහ මගට ගන්ඩ..... දුන්නු ගේම හොඳාකාරව පෙනෙන්ඩ තිබෙනවා. (බාසියා නං අර උඩුවේ සාදුගේ අලි පැටිය වගේ කකුල් වලට විලංගු දාල ගහක බැඳලා හදන්ඩ තිබ්බ එකෙක්!)  මව් හෝ උන් එකෙක්වත් කළුද, සුදුද, උසද, මහතද කියා මා නම් දන්නේ නැත, (දැනගත්තා කියල ඉතිං කොරන්ඩ දෙයකුත් නෑ නේ .) නමුත්  අම්මා බාසියාව බලන්ඩ කළුබෝවිල ඉස්පිරිතාලෙට දුවපු දිවිල්ල මටනම් මැවිලා පෙනනවා. එවැනි කරුණාවක් අම්මලාගෙන් මිසක් වෙනත් අයකුගෙන් ලැබෙන්ඩ තියෙන චෑන්ස් එක බොහොම අල්පයි. කියවූ ඔබටත් එසේම හැඟෙන්නට ඇතැයි කියා මම සිතමි. මගේ අම්මා ඇතුළු අනෙක් අම්මලාත් අඩු වැඩි වශයෙන් මෙවැනිම ගේමක් අපව හදා ලොකු මහත් කොරන්ඩ දුන්න වග අපි කිසිසේත් අමතක කොරන්ඩ හොඳ නැත. අමතක කොරනවානම් එහෙව් උන්ට කියන්ඩ වචනත් මේ හැට්ටර් ළඟ නම් නැත.

දැන් උනත් බලන්ඩකෝ, අපගේ හොඳම භාගේ අපගේ දරුවන් හදන්ඩත් එවැනිම ගේමක් දෙනබව..  පවුල් බරින් සපිරි ඔබ සැම දිනපතා එය අත් දකිනවා ඇතැයි සිතමි.

තාත්තලාගේ කතාව නම් මිට වඩා වෙනස් නේ.  ගොල්ල වෙනම මනුෂ්ය කණ්ඩායමක්. මේ මං ඇතුළුව.

(ටිකක් වැදුනම - කණ සාක්කුව පැත්තට ගමං කරනා ල ..  නිතරඟයෙන්ම ඉංගිරිසි මීටරේට මාරුවෙනවා හොඳේ..)

OK guys (chaps or mates or whatever), lets get together to wish all the mothers, sweet mothers,  a happy, worry free and  healthy New year!.

චී.. චී.. ඔහොම බෑ, ටිකක් සද්දෙට කියන්ඩ ඕනේ. මිල්ටරියේ ඉන්ටව් එකේදී කතා කරනවා වගේ.

ඔන්න එහෙනං, ඔබ සැමටත් සුබ අලුත් අවුරුද්දක්. මෙන්න මං ගියා.

දැන් ගෙදර යන ගමං,  මේකත් අහමු පුලු පුළුවන් විදියට.

ප. ලි.: මාව හොයාගෙන ඇවිල්ල ඉස්තුති කරන්ඩ ඕනේ විදියට කොළඹ සහ ගාල්ලේ සිටින ඔබ සැමට නව වසරේ උදාව සෙලිබ්‍රේට් කරවන්නේ. හැට්ටර් කිව්වොත් කිව්වා, තනි වචනේ මිනිහා...




14 comments:

  1. අම්මා මතක් කරාට ස්තූතියි. හැට්ටරයාට සුබ නව වසරක්!!

    ReplyDelete
    Replies
    1. අරුණ සෑර්, තැන්කිව් වේවා!
      අම්මල කොච්චර කට්ටක් කෑවද අපි මේ තැනට ගෙනෙන්ඩ.
      අවුරුද්දකට පාරක් නෙවෙයි හැමදාම සමරන්ඩ ඕනේ හරිනං.

      Delete
    2. හැට්ටර් මචං....උඹේ බ්ලොග් එක දැන් බුරු බේබ් අඹ ගහ යට සින්ඩියේ දාලා තියෙනවා. මාතලන්ට,අටමට එහෙම කියලා ඒ සින්ඩිවලටත් දාපන්. මොකද ගොඩක් අය සින්ඩි හරහා තමයි කියවන්නේ. සින්ඩි පවත්වාගෙන යන අයටත් ජයවේවා!!

      Delete
  2. හැට්ටර් මේ විට්ටර්ගෙ ටැට්ටරේ මේකට බ්ලොගර් ෆලෝවර් කෑල්ල දැම්මොත් නරක් වෙලා තියෙයි ද.

    Settings>Layout>Add a Gadget>More Gadget>Followers

    ReplyDelete
    Replies
    1. තන්කිව් වෙනවා ප්‍රසන්න සෑර්, ඔයගොල්ලෝ තමයි ඉතින් අපිට සපෝට් එකට ඉන්නේ.

      Delete
  3. බුදු අම්මේ හැට්ටර්...බොහෝම ස්තූති...මාව ෆලෝ කරනවා දැක්කෙත් නැහැනෙ ලමයො.
    ඒකට සමාව. අය්යා කියනකන් අම්ම මතක් කරන එකා මොකා කියල දන්නෙත් නැහැ...

    ReplyDelete
    Replies
    1. පලෝ කියන්නේ වේ.පැ .කි .මී 100-120 ගිහිල්ලත් උඹව නං අල්ලන එක බොරු. නැද්ද මං කියන්නේ.

      අපි ඉතින් ගමේ බෝ පැල වාගේ හැදිච්ච උන්නේ බං. අම්මල මතක් නොකර වැඩක් පලක් කොරන්ඩ එහෙම අමාරුයි.
      උඹට කිව්වට මලේ, මමත් ඉතින් හවස් ජාමේ බෝල ගැහිල්ල (ක්‍රිකට්) කළේ නැත්තං ගස් උඩ ගතකරපු එකෙක් තමයි. පහු පහු වෙනකොට ස්කිල් එක පොල්ගස් පයිලට් කරන තරමට දියුණු කර ගත්තා.
      ඒවා වැඩක් නෑ. උඹෙයි, උඹේ ලොකු අයියගෙයි ලියවිල්ලට මම බොහොම ප්‍රියයි. ඒවායේ සමහර කෑලි අපේ ජීවිතවලටත් 1:1 සමපාත වෙනවා.
      ඔය ලියන ඉට්ටයිල්... ඔව්වා ඇගෙම්ම එන එව්වා මලේ . හාඩ් වයර්ඩ්. (මගේ නං ලියන ඩීප් සුවිච් එක ඕෆ් )
      ඔබ සැමටත් සුබ 2017ක් වේවා.
      (උඹ කොළඹ නං ඉන්නේ මම ජනවාරි 1ට පොඩි ට්‍රිට් එකක් සැට් කරලා තියෙන්නේ. එක ඊළඟ පොස්ට් එකේ දාන්නං)

      Delete
  4. Replies
    1. අටං සෑර්, බොහොම ඉස්තුතියි ටැට්ටරේට ගොඩ වැදුනට.
      සෑර් ඉතින් ගුරු මුෂ්ටි අරව මේවා නැතුව දන්නදේ අනුන්ටත් ෂෙයාර් කරන මාත්තයෙක්නේ.
      මෙන්න සිරස නමා...

      Delete
  5. මේ මොනව කියනවද? අපිත් එකෙන්ම සුබ පතනව!

    ReplyDelete
    Replies
    1. කසුන් සෑර්, බෝම සන්තෝසයි මේ පැත්තේ අවාට.
      ඔබටත් සුබ 2017ක් වේවා.

      Delete
  6. ප්‍රමාද වී හෝ සුබ පතමි...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා සෑර්,

      ඔබටත් සුබ නව වසරක් වේවා.
      අපායට ගියත් අන්තිමට යන එක හොඳයිලුනේ. එතකොට වැටෙන්නේ කලින් ගියපු උන්ගේ උඩට නිසා වැඩිය තැලෙන්න පොඩිවෙන්නේ නෑලුනේ. (මට ගිය එකෙක් කිව්වේ හොඳේ)

      Delete
  7. සුබ අවුරුදු මෙව්ව එකක් වේවා !

    ජය වේ !

    ReplyDelete