Thursday, December 29, 2016

අරූ (සීයාගේ) සහ බාසියගේ අම් ... .. ....

අලුත් අවුරුද්දට ඔබ සැමට සුබ පැතුමක් දාන්ඩ හිතාගෙන හිටියත් ඒක සැනෙන් වෙනස් උනා. සොරි වෙන්ඩ ඕනේ, එකට තව අවුරුද්දක්ම තියෙනවනේ, හෙමින් දාමු. මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ 'වෙනස්වීම' පමනක්ලුනේ. නැද්ද මං කියන්නේ. බලන්ඩකෝ 2016ත් වෙනස්වෙන්ඩ බෝම ලඟයි
එමු ටොපික් එකට.
ඩ්රම් රෝල් ප්ලීස් ....

මෙන්න හැට්ටර්ගේ නව වසරේ සුබ පැතුම.

සාමාන්යයෙන් අප මව් වරුන් මතක් කරන්නේත් ඔවුන්ට හැම නියං කාලයකම වැසි ලැබෙන්ඩ ප්රාර්ථනය කරන්නෙත් වෙනත් අදහසකින්.

නමුත් අද, මේ හැට්ටර් සහ විට්ටර්, අරූගේ සහා බාසියාගේ මව් තුමිය ප්රමුඛ  සියලුම මව් තුමියන්ට මේ ලබන්නාවූ අලුත් අවුරුද්ද දුකින් තොර, හිතේ කරදර වලින් තොර, නිදුක්, නිරෝගී අවුරුද්දක් වේවා! යි හද පතුලෙන්ම,  කියන්නේ දකුණු කෝෂිකාවෙන්ම, ආශීර්වාද කරමු.

බාසියගේ කතා වලින් උගේ මව් උන්ව හදන්ඩ..., යහ මගට ගන්ඩ..... දුන්නු ගේම හොඳාකාරව පෙනෙන්ඩ තිබෙනවා. (බාසියා නං අර උඩුවේ සාදුගේ අලි පැටිය වගේ කකුල් වලට විලංගු දාල ගහක බැඳලා හදන්ඩ තිබ්බ එකෙක්!)  මව් හෝ උන් එකෙක්වත් කළුද, සුදුද, උසද, මහතද කියා මා නම් දන්නේ නැත, (දැනගත්තා කියල ඉතිං කොරන්ඩ දෙයකුත් නෑ නේ .) නමුත්  අම්මා බාසියාව බලන්ඩ කළුබෝවිල ඉස්පිරිතාලෙට දුවපු දිවිල්ල මටනම් මැවිලා පෙනනවා. එවැනි කරුණාවක් අම්මලාගෙන් මිසක් වෙනත් අයකුගෙන් ලැබෙන්ඩ තියෙන චෑන්ස් එක බොහොම අල්පයි. කියවූ ඔබටත් එසේම හැඟෙන්නට ඇතැයි කියා මම සිතමි. මගේ අම්මා ඇතුළු අනෙක් අම්මලාත් අඩු වැඩි වශයෙන් මෙවැනිම ගේමක් අපව හදා ලොකු මහත් කොරන්ඩ දුන්න වග අපි කිසිසේත් අමතක කොරන්ඩ හොඳ නැත. අමතක කොරනවානම් එහෙව් උන්ට කියන්ඩ වචනත් මේ හැට්ටර් ළඟ නම් නැත.

දැන් උනත් බලන්ඩකෝ, අපගේ හොඳම භාගේ අපගේ දරුවන් හදන්ඩත් එවැනිම ගේමක් දෙනබව..  පවුල් බරින් සපිරි ඔබ සැම දිනපතා එය අත් දකිනවා ඇතැයි සිතමි.

තාත්තලාගේ කතාව නම් මිට වඩා වෙනස් නේ.  ගොල්ල වෙනම මනුෂ්ය කණ්ඩායමක්. මේ මං ඇතුළුව.

(ටිකක් වැදුනම - කණ සාක්කුව පැත්තට ගමං කරනා ල ..  නිතරඟයෙන්ම ඉංගිරිසි මීටරේට මාරුවෙනවා හොඳේ..)

OK guys (chaps or mates or whatever), lets get together to wish all the mothers, sweet mothers,  a happy, worry free and  healthy New year!.

චී.. චී.. ඔහොම බෑ, ටිකක් සද්දෙට කියන්ඩ ඕනේ. මිල්ටරියේ ඉන්ටව් එකේදී කතා කරනවා වගේ.

ඔන්න එහෙනං, ඔබ සැමටත් සුබ අලුත් අවුරුද්දක්. මෙන්න මං ගියා.

දැන් ගෙදර යන ගමං,  මේකත් අහමු පුලු පුළුවන් විදියට.

ප. ලි.: මාව හොයාගෙන ඇවිල්ල ඉස්තුති කරන්ඩ ඕනේ විදියට කොළඹ සහ ගාල්ලේ සිටින ඔබ සැමට නව වසරේ උදාව සෙලිබ්‍රේට් කරවන්නේ. හැට්ටර් කිව්වොත් කිව්වා, තනි වචනේ මිනිහා...