Wednesday, October 26, 2016


දාසයයි දහයයි විසිහයයි
ගුඩ් මෝනිං කිව්වා ඔන්න හැමෝටම!
මොනවා නැතත් චාලිස්තර හරියට තියෙන්ඩ ඕනේ.
හැට්ටර්ල නියම තනි වචනේ මිනිස්සු. ගුඩ් මෝනිං නං ගුඩ් මෝනිං. ඔය සුද්දෝ වගේ උදේට එකකුයි හවසට එකකුයි කියන්නේ නෑ හරිය.

රායිට්, ඔන්න හැට්ටර් ටැට්ටරේ ඉස්ටාට් කරා. අලුත් බැස්ටිය නිසා යතුර කරකවපු ගමන් සැලිස්ටාඩ් 
රිම් (rings )සැට් එකක් දැම්මා, වෙලාවට ස්ලීව් ගහන්ඩ ඕනේ උනේ නැහැ. ඒක ලොකු දෙයක්.
ටෑර් ගෙවිලා තිබුණේ කියන්නේ ඩන්ලොප් එකේ සුද්දා දැක්කනං රට ගෙනියනවා මාත් එක්කම.කට්ටයක් කියල එකක් තිබුන වගක්වත් නෑ. මොනා කරන්නද , සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ටෑර් සැට් එහෙකුත් දැම්මා. කණ්ඩායම දන්නවද? දැන්  කාලේ ටෑර් හදන්නේ රත්තරන් වලින්. අම්මට ඩිජිටල් උනා බිල දැක්කම. 
ඊළඟට තියෙන්නේ සාම්බ්රාස් (sandblast ) පාරක් දාල පොඩි පහේ පේන්ට් එකක් දෙන්න. ලඟදි වරායට බාපු රෝල් රොයිස් එකේ පාට තමයි ගාන්න හිතන් ඉන්නේ. සුමනේ අයිය බෑ කියයිද දන්නේ නෑ.සුමනයට කෝකටත් පොඩ්ඩක් කතාවක් දාල බලනවා හෙට  දිහාවේ. 

හයර් ටිකක් හොයා ගත්තම වැඩේ ගොඩ.

මෙන්න ඇඩ්වටීස්මන් එක. දන්න කෙනෙක්ට කියන්න ප්ලීස්.
මේකේ වැලිත් අදිනවා, කුණුත් අදිනවා. මඩටත් දානවා.(එතකොට වටේ ඉන්න එවුන්ට මඩත් වදිනවා)  ටැට්ටරෙන් ගන්න වැඩ සේරම ගන්නවා. ඕ යේස්, 

ලොකු ලොකු මාත්තුරුන්ට වගේ ආසියන්තරාවේ යනකොට, කෝච්චියේ යනකොට, ඔපිස් එකේ බ්‍රේක් එකක් ලැබුනම වගේ හැට්ටර්ලට නිතර නිතර බ්ලොග් වලට ඇන්ටර් වෙන්ඩ  චෑන්ස් නෑ නේ. (ටැට්ටර් වලට වයි පයි හම්බ උනාම හැට්ටරුත් දෙන්නම් ඇස්ටි හැලෙන්ඩ.)
සමාවෙන්ඩ ඕනේ, ඒක හින්දා හැම තිස්සෙම මේ වැඩේ කරන්ඩ ලැබෙන එකක් නෑ. පුළු පුළුවන් වෙලාවට කරමුකෝ.
කේස්  අංක දෙක, ටැට්ටරේ ටිප් දෙක තුනක් (හම්බ උනොත් වාසනාවයි) ගහල එනකොට කෝමද  ඇඟට තියෙන චූන් එක. ටැට්ටරේ කොහෙද සොකැට් සෝබර්?.   අපිට ඉතින් වැව් මාළු තමයි පූසෝ . 
අනික, ඔය යුරෝපාදී රටවල් වල වගේ නෙවේ, අපේ පාරවල් නිකම් බටර් වගේ කාපට් දාල හදල තියෙන්නේ.  හවසට ගෙදර ගියාම ඉතිං ජොයින්ට් කීං කීං ගානවා. මොකෝ ඉතින්හ න්දි වලට තෙල් දාන්නැයි, වෙල් පැන්ට ටිකක් ගහල ඇල වෙනවා මිසක්ක.

ඕකේ, දැන් මෙන්න ඉස්තුති කතාව.
සැලුට් එක දාන්න ඕනේ උත්තමයන්ට මෙන්න නැව්ව ඔලුව. 
බ්ලොගර් ඩොට් කොම් එකේ මාත්තුරු වැඩි වැඩියෙන්  දියුණු වෙන්ඩ ඕනේ. අපිට මේවා නොමිලේ ලබා දෙනවට. මේක බලන ඔබ සැමටත් හැට්ටර් තැන්කිව් සෝ මච් කිව්වා.
හැමෝම 'වෙල්කම්', බෝම සන්තෝසයි ඇවිල්ල ගියොත්.
ඇනොනිමස් උතුමානොත් වඩින්ඩ, අපි කවුරුත් හොරා පොලිස් කරපු උන්නේ. නැද්ද මං කියන්නේ.
කුණුහරුප ඔට්ටුයි, හැබැයි හරිහමන් ඒවා නෙවෙයි නම්, අපි බාලාංශේ කියපු වගේ එව්වා නම්, සොරි තමයි මාත්තයෝ, දෙකක් නෑ මකනවා.

ගල් එවන්ඩ, සාදරයෙන් පිලිගන්නවා, (බෝතලේ දාපුව නම් ඉස්තරම්, සුදු ගලුත් නරකම... නෑ, කළුගල් උනත් කමක් නෑ, තාප්පයක් හරි බිත්තියක් හරි ගහන්ඩ  ඇහැකිනේ. මුල් නං එවන්ඩ එපා. වේලලා ලිපේ දාන්නද? මල්... ම්හු..එත් එපා.

හැට්ටර්ගේ අසල්වැසියෝ, ඒ කියන්නේ අම්බලන්ගොඩ කීප දෙනෙක්ම බ්ලොග් ලියනවනේ.
ඒ ගොල්ල දන්නවා රන්දොඹේ ගල්පරේ පන්සල ගාව තියෙන 'ආයුබෝවන් මෙන්න අම්බලන්ගොඩ!' 
බෝඩ් එක. ඒකේ   අනිත් පැත්තේ තියෙන්න 'හුකා…. බෙල මෙන. … බලපිටිය' කියල.
(අකුරු වැරදිලා නෙවෙයි, මේක තමයි නියම ඇක්සන්ට් එක. තිත් තිත් තියෙන තැන් හොඳට ඇදල කියන්න. ඔරිජිනල් උච්චාරණේ ගන්)
කියන්ඩ ඕනේ නැහැ නේ දැන් මම කොහෙද කියලා.


ආයිමත් ගුඩ් මෝනිං කිව්වා . ඔන්න එහෙනම් හැට්ටර් මාරු. Have Fun!

අයි ජී පී පුඤඤසෝම කිව්වා වගේ ' එහෙනම් හැට්ටරුත් බ්ලොග් එකක් ලියන්න ගත්තා ඈ... '

26 comments:

  1. ජයවේවා.

    හිතුවට වඩා වැඩ වැඩි උනා මහත්තයෝ.
    පුළුවන් විදියට ලියන්ඩ තමා හිතන් ඉන්නේ.

    ReplyDelete
  2. හුකා...වාහේ.....උඹ බලපිටයෙැ.....මං දොඩන්දුවේ.උඹ එහෙනම් ලියාගේන... ලියාගෛන.....වරෙංකෝ....... වැල්ලේදි අපි හම්බුවෙමු....................
    :D

    ReplyDelete
    Replies
    1. ජයවේවා !

      අම්ම අප්පා හම්බුඋනා වගේ මලේ.
      මලේ උඹට කියන්ඩ මම පටුවතින් මනමාලියක් බලන්ඩත් ගොහින් තියෙනවා බන්.
      දොඩන්දුවට ඉස්සර පිටරටින් (පොඩි) නැව් එනවලු ජාඩි ගෙනියන්ඩ. අපේ ආච්චි තමා මට කාලෙකට ඉස්සර ඕවා කිව්වේ.
      හොයල බැලුවොත් රජ කාලේ කස්ටම් ඔෆිසර්ලගෙන් පැවත එන අය එහෙම හොයා ගන්ඩ ඇහැක් වෙයි දොඩන්දුව අවටින්.

      අපේ ඉස්කෝලේට ගිය කීප දෙනෙක් බ්ලොග් ලියනවා. තව ඉන්නවා ඇති හැබැයි මං දන්නේ නෑ .
      වෙලාවක් තියේ නං ගොඩවෙලා බලන්නකෝ 4S7SW, Dhamso putha, ambalangoda katha එහෙම.

      Delete
    2. http://www.asiantribune.com/index.php?q=node/6448


      //According to Professor V. Vitharana, these traditional vessels were known as maha oru (big outrigger canoe) which reached Maldive islands, the southern ports of India and Malacca. The last of these boats was wrecked off Maldives in 1930 and abandoned. Yathra Doni - a 100-year-old model of this type of vessel - was preserved in the Kumarakanda Buddhist Vihara, Dodanduwa until it was brought to the Maritime Museum, Galle. The model was constructed by J. Kariyawasam, the last of a Sinhala family of sailors of Dodanduwa. It is a classic example of the largest type of outrigger craft that ancient Sri Lankan mariners used. Dodanduwa was apparently Sri Lanka 's most outstanding yatra port.//

      Delete
  3. හැක... හැක... අපිත් ගොඩවුනා එහෙනම් ටැට්ටරේට..

    ජය බෝලී නාත් ! ()_()

    ReplyDelete
  4. මේක සින්ඩිවලට දාපන්කෝ බං.

    ReplyDelete
    Replies
    1. හැට්ටර් ඉතින් අහිංසක මිනියනේ සෑර්.
      තැන්කිව් මේ පැත්තේ ගොඩඋනාට.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. වල්කම් වල්කම් විට්ටර්ගේ මල්ලි හැට්ටර්. මෙන්න එහනම් මලක් විසි කෙරුව. බ්ලොග් එකට දාගන්නම්.

    ReplyDelete
    Replies
    1. බෝම සන්තෝසයි රට ඉන්න ලොකු මාත්තුරුත් මේක බලනවට.
      පොඩි අකරතැබ්බයක් වෙලා ඉන්නේ සෑර් මේ දවස්වල.

      Delete
    2. කා ගැනද මචෝ කිව්වේ :) මොකෝ අකරතැබ්බේ - ජය වේවා

      Delete
  7. වැල් කම්

    තව බලපිටියෙ අය ඉන්නව නේද?http://rasthiyadukarayaa.blogspot.com/2017/04/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාජේ ඔත්තුවට

      Delete
    2. ටැන්කිව් ප්‍රා ජේ සෑර් මේ පැත්තේ ආ එකට.
      පොඩි පහේ අකරතැබ්බයක් වෙලා ඉන්නේ මේ දවස්වල.

      Delete
  8. අපේ ගමේ කොල්ලෙක් නේ එල එල...මේකට මේල්ලුවක් දාහන් romanthikarasthiyadukaraya@gmail.com

    ReplyDelete
    Replies
    1. හුකා මල කෙළියක්නේ උනේ බං.
      ගෑස්කට් ගියා, තාම ගොඩදාගන්ඩ බැරිඋනා බන්. පරණ ඇන්ජින් නේ.

      Delete
  9. අදත් අවිත් ගියා..............

    ReplyDelete
  10. අදත් අවිත් ගියා..............

    ReplyDelete
    Replies
    1. උඹේ එකත් හැමදාම බලනවා.
      මටනං අපේ ඒතර්ටිය තමයි මතක්උනේ උඹේ පොස්ට් එක දැකල.
      ඒ කාලේ ඉතින් කැමරා තිවුනේ අම්බලංගොඩ ඇඩ්වින් එකේ විතරයි නේ. (ඇඩ්වින් එකේ සරත් මාත්තයටනං බොක්ස් මොඩල් බෙන්ස් එකක් තිබ්බ ඒ කාලේ)

      Delete
  11. මම පහුගිය දොහක ගේවල් ලගින් ගියා. මට ඒවේලේ මලය මතක් උනා. අර අම්බලංගොඩ පහුකරල යනකොට මහ ගල්ගේඩිය ගාවනේ නේද

    ReplyDelete
  12. හැට්ට‘ මේං මාත් ආවා...

    ReplyDelete